2026-02-08
mediahumanrights.lk
News

ත‍්‍රස්ත මර්ධනය අධිවේගී වෙයි..අති නවීන හමුදා බුදධි අංශයක් පිහිටුවයි..

ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නවතම සන්නද්ධ බුදධි අංශයක් පිහිටවීම සඳහා කටයුතු කරමින් සිටින බව අද පුවත්පත් වාර්තා කර ඇත.

අද වන විට ජාතික ආරක්ෂාවට එල්ල වී ඇති අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා සහ ජාතික ආර්ථිකයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් මෙම බුද්ධි බලකාය පිහිටු වීමට සාකච්ඡා කරමින් සිටී.

මෙම නව බුද්ධි බලකාය අති නවීන තාක්ෂණික උපක්‍රමවලින්ද සන්නද්ධ කිරීමට නියමිත බවද සදහන්ය.

2009 වසරේ යුද්ධය අවසන් වන විට බුද්ධි බලකා 03ක් මෙරට තුල පිහිටුවා තිබූ අතර ඉන්පසුව 2015 වසර වන විට බුද්ධි බලකා 07 දක්වා එවකට පැවති රජය විසින් වර්ධනය කරනු ලැබ ලැබ තිබිණි.

මේ අනුව නව පිහිටුවූ ලැබුවොත් එය අටවැනි බුද්ධි බලකාය වනු ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

විදුළි සේවකයින් අද මැදියම් රැයේ සිට වැඩවර්ජනයක

Shiran Viraj

හිටපු හමුදාපතිට අමෙරිකාව එල්ලකරන යුද අපරාධ චෝදනා රජය ප්‍රතික්ෂේප කරයි!

Shiran Viraj

කිලිනොච්චියේ බෝම්බ හමුවෙයි.. ත්‍රස්තවාදය නැවත ඇතිවීමේ අවදානමක්.. උතුරේ ආරක්‍ෂාව තර කරයි…

Shiran Viraj
Translate »