mediahumanrights.lk
International NewsNews

මා නොබෙල් සාම ත්‍යාගයට සුදුස්සෙක් නොවෙයි : පකිස්තාන අගමැති කියයි

නොබෙල් සාම ත්‍යාගය සඳහා තමන් සුදුසු නොවන බව පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ප්‍රකාශ කරනවා. ඔහු මේ බව සඳහන් කළේ ඉකුත් සති අන්තයේදී ඔහුගේ නම මෙවර නොබෙල් සාම ත්‍යාගය සඳහා යෝජනා කළ යුතු බවට සිදුකළ ඉල්ලීම් වලට පිළිතුරු ලබා දෙමින්.

” මම නොබෙල් සාම ත්‍යාගය ලබන්න සුදුසු පුද්ගලයෙක් නොවෙයි. කාශ්මීරයේ ජිවත් වෙන ජනතාවගේ අභිප්‍රාය අනුව ඔවුන්ගේ ගැටලුව විසදන්න පුලුවන් පුද්ගලයා කවුද? ඔහුටයි නොබෙල් සාම ත්‍යාගය හිමිවිය යුත්තේ. මක්නිසාද ඔහුට පුලුවන් මේ ගැටලුව විසදීම මගින් කළාපයේ සාමය ඇති කරන්න” පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටිනවා.

පකිස්තාන හමුදා අත්අඩංගුවේ පසුවූ ඉන්දීය ගුවන් හමුදාවේ පියාසර නියමුවා නිදහස් කිරීමට අගමැති ඉම්රාන් ඛාන් ක්‍රියා කිරීම නිසා ඔහුට රටවල් රැසකින් යහපත් ප්‍රතිචාර හිමිවූ අතර නොබෙල් සාම ත්‍යාගයට යෝජනා කරමින් අන්තර්ජාලය ඔස්සේ අත්සන් ලක්ෂ තුනක් එකතු කිරීමේ ක්රියාවලියක්ද ආරම්භ වුවා. 
(under the courtesy of nethnews.lk news web)

Related posts

Z – D ඇලට කැබ්රියක් පෙරලෙයි – පුද්ගල මළ සිරුරක් සොයා ගනී

Shiran Viraj

ගෑස් මිල තවත් පහල දමයි…

Shiran Viraj

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප නැති කළහොත් මරාගෙන මැරෙනවා: හිටපු මන්ත්‍රී නන්දන ගුණතිලක

Shiran Viraj
Translate »