mediahumanrights.lk
News Political

පොලිස් ලොක්කන්ට ජනපතිගෙන් උපදෙස්

විෂයභාර අමාත්‍යවරයා ලෙස තමන් පොලිස් දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වන්නේ තනතුර හා පක්ෂය කුමක් වුවත් එය නොසලකා සැමට එක ලෙස නීතිය කි‍්‍රයාත්මක කරන පොලිස් සේවාවක් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ‍්‍රී ලංකා පොලීසියේ ඉදිරි කි‍්‍රයාකාරීත්වය සහ අභියෝග පිළිබඳ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීයි. පොලිස් දෙපාර්තමේන්තුවේ සියලූම අංශ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ. 

වාර්ෂික පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලක්ෂ 11ක් පමණ ලැබෙන බවයි ජනාධිපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කළේ. පොලීසියට ලැබෙන පැමිණිලි සංඛ්‍යාව අවම කර ගැනීම සඳහා ගත යුතු කි‍්‍රයාමාර්ග පිළිබඳවද මෙහිදී පැහැදිළි කෙරුණා. 

Related posts

ජනාධිපතිවරණයක්… පොහොට්ටු බලමුළු කැදවයි.. අලුත් සන්ධානයක්…

Shiran Viraj

වසර 7 ක් හොංකොං පාලනය කළ ඩොනල්ඩ් සන්ග් හිරගෙට

Shiran Viraj

සහල් මිල ඉහලට.. නාඩු 165යි.. සුදු කැකුළු 140යි.. තැන තැන සහල් හිගයක්…

Shiran Viraj