24.8 C
Colombo
2026-10-07
mediahumanrights.lk
International NewsNews

“ශ්‍රී ලංකාවට ස්තූතියි”කෝටි 108ක කුඩු එක්ක ඇමරිකානුවන් දෙදෙනෙක් කොටු වේ – ඇමෙරිකාවටත් අවශ්‍ය ජාවාරම්කාරයන්ලූ!

කෝටි 108 ක් වටිනා මත්කුඩු කිලෝ 97 ක් සමග ඉකුත් ජනවාරි 22 වැනිදා අත්අඩංගුවට ගත් ඇමරිකානුවන් දෙදෙනාගෙන් ප‍්‍රශ්න කිරීම සඳහා දිවයිනට පැමිණි ඇමෙරිකාවේ පොලිස් බුද්ධි අංශයේ පොලිස් පරීක්‍ෂකයන් එම සැකකරුවන් දෙදෙනා එරටට අවශ්‍ය වරෙන්තුකරුවන් බවට හෙළිකර ඇත.

ඇමරිකානුවන් දෙදෙනාගෙන් එක් අයකු එරට ප‍්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවකු බවත් අනෙකා මුදල් විශුද්ධිකරණය පිළිබඳව ඇමෙරිකාවේ නම්දරා ඇති පවුලක අයකු බවත් එම පොලිස් නිලධාරීන් අනාවරණය කරගෙන ඇතග මත්කුඩු ජාවාරම් කිරීම පමණක් නොව කළු සල්ලි ඉපයීම සඳහා ශ‍්‍රී ලංකාවේ නියෝජිතයකු අවශ්‍ය බැවින් තමන් කලක් තිස්සේ මෙහි පැමිණ මත්කුඩු ජාවාරමේ නියැළී ඇතැයි එම සැකකරුවන් දෙදෙනා සඳහන් කර තිබේ.

මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට කි‍්‍රයාකළ පොලිස් විශේෂ කාර්ය බළකායට සහ මත්ද්‍රව්‍ය නාශක අංශයට බෙහෙවින් ස්තුති කරන බවද ඇමෙරිකන් බුද්ධි නිලධාරීන් දෙදෙනා පවසා ඇත. 
(under the courtesy of nethgossip.lk news web)

Related posts

හෝමාගම ක‍්‍රිකට් පිටිය එපා ඇයි.. මහේල අගමැති මහින්දට කල සුපිරි පැහැදිලි කිරීම..[Video]

Shiran Viraj

එංගලන්ත ටෙස්ට් තරගාවලියට ශී‍්‍ර ලංකා සංචිතය නම් කෙරේ – කුසල් මෙන්ඩිස්ට යළි අවස්ථාවක්

Shiran Viraj

සැමියාගේ පදවලට උරේෂා ගැයූ අලුත්ම ගීය

Shiran Viraj
Translate »