26.7 C
Colombo
2026-09-11
mediahumanrights.lk
Local NewsNews

බරපතල රථ වාහන වැරදි 10 ක දඩ මුදල් වෙනස් වෙයි..!ඇමති අර්ජුන ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය

මෙරට රථ වාහන අනතුරු වලට බහුලවම බලපාන රථ වාහන වැරදි 10 ක් සඳහා වන දඩ මුදල් සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එවැනි බරපතල රථවාහන වැරදි කිහිපයක් සඳහා වන දඩ මුදල් ඉහළ දැමීමට මීට පෙර යෝජනා වී තිබූ අතර, ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක්ද පත් කර තිබුනා.

ඒ අනුව එම කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබුනේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින්.

මහ මඟදී අහිංසක ජීවිත අනතුරට ලක් කරන සහ බිලි ගන්නා බරපතල වැරදි කරන රියදුරන්ට එරෙහිව පනවන දඩය බොහෝ සේ ඉහළ දමන බවට ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මීට පෙරද ප්‍රකාශ කළ අතර එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ දඩ පැනවීමට අමතරව බරපතල වැරදි කරන ‍රියදුරන්ගේ රියදුරු බලත්‍රය අහෝසි කිරීමට අවශ්‍ය නීති ඉදිරියේදී පැනවීමට කටයුතු කරන බවයි.

(under the courtesy of nethgossip.lk news web)

Related posts

සංචරණ සීමා කඩන්න පුත්තලමේ මන්ත‍්‍රී අත්සනින් ජනතාවට ‘අත්‍යවශ්‍ය සේවා’ බලපත‍්‍ර

Shiran Viraj

වාහන තදබදයට පාසල් සිසුන්ගෙන් අලුත්ම විසදුමක්…ඉදිරියේදී “ට්‍රැෆික් ” නැත්තට නැතිවෙයි?..

Shiran Viraj

‘බොබ් මාලි’ අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහාය පතයි.. විස්තර මෙන්න..

Shiran Viraj
Translate »