2026-02-09
mediahumanrights.lk
NewsPolitical

ක්‍රිකට් ක්‍රීඩකයින් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීමේ වටිනාකම ජනපති පහදයි

නව පරපුර හා පාසල් දරුවන් මත් උවදුරෙන් ගලවා ගැනිම සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළේ තවත් සුවිශේෂී වැඩසටහනක් ලෙස ,සුජාත දරුවෝ, වැඩසටහන මෙම මාර්තු 15 වනදා සිට ආරම්භ කරන බව ජනාධිපතිවරයා පවසයි. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ නව ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද (28) පෙරවරුවේ එක්වෙමිනි. 

නව ගොඩනැඟිල්ල කොළඹ සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණ පරිශ්‍රයේ Block D  හි ස්ථාපිත කර තිබේ.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ විෂ මත්ද්‍රව්‍ය විශ්වවිද්‍යාල සහ පාසල් දරුවන් අතරට ඉතා සූක්ෂම ලෙස ගෙනයාමේ ජාවාරමක් රට තුළ ක්‍රියාත්මක වන බවයි. 

එය මැඩපැවැත්වීම වෙනුවෙන් සිසුන් දැනුවත් කිරීමේ පුළුල් වැඩසටහනක් ,සුජාත දරුවෝ, වැඩසටහන මඟින් ක්‍රියාත්මක වෙයි.

අධ්‍යාපන අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අදාළ අමාත්‍යාංශ සහ ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් යුද, නාවික, ගුවන් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ දායකත්වයෙන් විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් ද සහභාගී කරවා ගනිමින් ඉතා මිත්‍රශීලි වැඩසටහනක් ලෙස සුජාත දරුවෝ දැයේ දරු පරපුර අතරට ගෙන යන බව ද ජනාධිපතිවරයා  සඳහන් කළේය.

එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ලංකාවේ විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස ලක්ෂ 02කට ආසන්න බව නව සංඛ්‍යාලේඛන පෙන්වා දී තිඛෙන බවයි. 

නීති විරෝධි මත්ද්‍රව්‍යවලට අදාළ නීති ශක්තිමත් කිරීමට සේම එය වැළැක්වීම සහ නිවාරණය වෙනුවෙන් රජය මේ වන විට පුළුල් වැඩපිළිවෙළක් දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා තිඛෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ අධිකාරිය පිහිටුවීමේ කටයුතු ද මේ වන විට සිදුවෙමින් පවතින බව සඳහන් කළේය.

එමෙන්ම මෙරට කීර්ති නාමය ලෝකය හමුවට ගෙන යන අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් සහ තහනම් උත්තේජක භාවිතයෙන් වැළකුණු සෞඛ්‍ය සම්පන්න සහ නිරෝගිමත් යහපත් පුරවැසියෙකු වීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය. 

තහනම් උත්තේජක භාවිතය මැඩපවත්වා පිරිසිදු ක්‍රීඩාවක් හා විනය ගරුක ක්‍රීඩා පරපුරක් මෙරටෙහි බිහි කිරීම වෙනුවෙන් උත්තේජක මර්දන නියෝජ්‍යායතනය ක්‍රියාත්මක වේ. 

රුපියල් මිලියන 190 ක වියදමින් ඉදිකර තිඛෙන මෙම නව ගොඩනැඟිල්ල මහල් 05 කින් සමන්විත අතර, ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් තහනම් උත්තේජක පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය කලාප මෙම ගොඩනැඟිල්ල තුළ ස්ථාපිත කර තිබේ. 

එමෙන්ම සම්මන්ත්‍රණ හා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට අංගසම්පූර්ණ ශ්‍රවණාගාරයකින් ද මෙය සමන්විතය. 

සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැඟිල්ල විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

අමාත්‍ය හරින් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ සභාපති මහාචාර්ය අර්ජුන් ද සිල්වා යන මහත්වරුන් ද ක්‍රීඩා උපදේශකවරුන්, පුහුණුකරුවන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

(under the courtesy of adaderana.lk news web)

Related posts

ඉන්ධන ගේන්න මුදල් කොපමන උවමනාදැයි සාකච්චා කරයි…

Shiran Viraj

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන අනිවාර්ය නිවාඩු යැවු පොලිස්පති සහ හිටපු ආරක්ෂක ලේකම් ගෙන් ප්‍රකාශයක් ගනියි

Shiran Viraj

අමිතාබ් සහ අභිෂේක් බච්චන් කොරෝනා වෛරසය ආසාදනයවී රෝහල් ගත කරයි

Shiran Viraj
Translate »