28.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
Local NewsNews

බි‍්‍රතාන්‍ය තරුණයා ලක්‍ෂපාන ඇල්ලේදී මියයයි.

නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ලක්ෂපාන දිය ඇල්ල පාමුල පිහිටි අනාරක්ෂිත දිය වලක ස්නානය කරමින් සිටි බ්‍රිතාන්‍යය කළු ජාතික විදේශිකයෙකු ජිවිතක්ෂය පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.

මෙසේ මිය ගොස් ඇත්තේ ඕල්ඩිපුපෝ ඉයයිපෙමි ඔසුන්නිය (OLDIPUPO EYIPEMI OSHUNNIYA )නැමති 29 හැවිරිදි බ්‍රිතාන්‍යය කළු ජාතික අවිවාහක තරුණයෙකි.

මිය ගිය විදේශික තරුණයා ඔහුගේ පෙම්වතිය සහ මිතුරන් කිහිප දෙනෙකු සමග නෝටන්බ්‍රිජ් සප්තකන්‍යා කන්ද පාමුල පිහිටි  ටෙබර්ටන් වත්තේ පිහිටි  සංචාරක ලැගුම්හලකට ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකු සමග පැමිණ නවාතැන් ගෙන ඇත.

ඊයේ (01) පස්වරු මිය ගිය විදේශිකයා සහ ඔහුගේ පෙම්වතිය සහ මිතුරන් සමග පස්වරු 2 ට පමණ ලක්ෂපාන දිය ඇල්ල පාමුල ගැඹුරු වලේ ස්නානය කරමින් සිටි අවස්තාවේ ඔහු එකවරම එම වලේ අතුරුදහන් වි ඇත.

පසුව එම තරුණයාගේ මිතුරන් ප්‍රදේශවාසින් සහ නෝටන්බ්‍රිජ් පොලිසිය දියවලේ සිදුකල සොදිසි මෙහෙයුමකදි අතරුදහන්වු විදේශ තරුණයාගේ සිරුර සොයාගෙන ඇත.

මිය ගිය තරුණයාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික  රෝහලේ තැන්පත් කර ඇති අතර මිය ගිය තරුණයා සම්බන්ධයෙන් නෝටන්බ්‍රිජ් පොලිසිය පරික්ෂණ පවත්වයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මහින්ද ඇතුළු 49ක් වගඋත්තරකරුවන් කරමින් රනිල් අධිකරණයට යයි – කෝවොරන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලයි

Shiran Viraj

සමාජ සාධරණත්වය තහවුරු කරන්න රජය කැපවෙනවා

Shiran Viraj

ප්‍රාථමික අධ්‍යාපනය අසාර්ථක වන ප්‍රධාන හේතුව ඇමති හෙලි කරයි…

Shiran Viraj
Translate »