mediahumanrights.lk
Local NewsNews

පොලිස් ඩමියට අල්ලස් දෙමින් විහිළු වීඩියෝවක් තැනූ තරුණයන් අත්අඩංගුවට

වවුනියාව යාපනය පාරේ පිහිටුවා තිබූ පොලිස් ඩමියට අල්ලස් ලබා දෙන අන්දම නිරූපණය කරමින් අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කළ වවුනියාවේ පෞද්ගලික මූල්‍ය ආයතනයක සේවකයින් දෙදෙනෙකු 3 දා පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කොට තිබේ.
පොලිස් රථවාහන අංශය මගින් වවුනියාව යාපනය පාරේ මෙම ඩමිය ස්ථාපිත කරණ ලද්දේ රියදුරන්ගේ වේගය සීමා කිරීමේ හා රියදුරන්ගේ අවධානය යොමු කරවීමේ පියවරක් වශයෙනි.

මේ ඩමිය ඉදිරියට ගිය එක් පුද්ගලයෙකු පොලීසියට අල්ලස් ලබා දෙන අන්දම නිරූපනය කරමින් ඩමියට උසුළු විසුළු කරමින් හැසිරෙන අන්දමේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලය වෙත යොමු කොට තිබුණි. මේ පිළිබදව අවධානය යොමු කළ වවුනියාව පොලීසිය මෙම සිද්ධිය ජෙයෂ්ඨ පොලිස් නිලධාරීන්ට දැන්වීමෙන් පසුව එම දර්ශන වීඩියෝ ගත කරණ ලද පුද්ගලයාත් දර්ශන වලට පෙනීසිටි පුද්ගලයාත් අත් අඩංගුවට ගන්නා ලෙස උපදෙස් දී තිබේ.

පොලීසිය සමච්චලයට ලක් කිරීම, පොලීසියට අපහාස කිරීම, මහජනතාව තුළ පොලීසිය පිළිබදව වැරදි චිත්‍රයක් නිර්මාණය කිරීම හා පොලීසියට අල්ලස් ලබා දීම සදහා ජනතාව පෙළඹවීම යන චෝදනා ඔවුන් දෙදෙනා වෙත ඉදිරිපත් කරමින් වවුනියාව පොලීසිය එම තරුණයින් දෙදෙනාව අත්අඩංගුවට ගෙන වවුනියාව දිසා අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබුණි.

දිසා විනිසුරුවරයා එම තරුණයින් දෙදෙනාව ඇප මත නිදහස් කොට ඇති අතර යළි ලබන 24 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් නියෝග කොට තිබේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

20 උතුරේ පරදි

Shiran Viraj

පැය 48 ඉන්ධන ඇණැවුමක් නෑ.. බෙදුම්කරුවන් ජනාධිපති කාර්යාලය ඉදිරියේ කදවුරු බදිති..

Shiran Viraj

ගොඩනැගිලි 14,225 නාය යෑමේ අවධානමේ

Shiran Viraj
Translate »