2026-07-07
mediahumanrights.lk
Local NewsNews

පාසල් අද ඇරඹෙයි – පළමු ශ්‍රේණියේ පන්ති ඇරඹීම ගැනත් දැනුම්දෙයි

2019 වර්ෂයේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය අද (02) දිනයේදී ආරම්භ වෙනවා.

රජයේ පාසල්වල 2019 වර්ෂයේ පළමුවන ශ්‍රේණියේ සිසුන් සදහා විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීම 2019.01.17 වන දින සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

එමෙන්ම තිළිණපත්වලින් නිල ඇඳුම් මිලදී ගැනීමේ දී පාසල් සිසු දරු දැරියන් වෙත කිසිදු බලපෑමක් සිදු නොකර ඒ සම්බන්ධව නිකුත් කර ඇති 41/2018 චක්‍රලේඛය අනුව කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අවධාරණය කර තිබෙනවා.

ඒ ඇතැම් නිලධාරීන් සහ විදුහල්පතිවරුන් තෝරාගත් වෙළඳ ආයතන ප්‍රවර්ධනය කරන බවට සහ දෙමව්පියන් වෙත බලපෑම් සිදුකරන බවට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබෙන පැමිණීලි සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරනවා.

පසුගිය සමයේ නිල ඇදුම් ලබාදීමේ දී සිදු වූ වංචා දූෂණ වළක්වා ගනිමින් රජය විසින් ලබාදෙන සහන අතරමැදියන්ගේ ගසාකෑමකින් තොරව සෘජුවම පාසල් දරුවන් වෙත ලබා දීමේ අරමුණින් නිල ඇදුම් වවුචර් ක්‍රමය හදුන්වා දුන් බව ද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරනවා.


(under the courtesy of nethnews.lk news web)

Related posts

ඉල්ලා අස්වූ අමාත්‍යධුරවල විග්නේෂ්වරන් දිවුරුම්දීමට සූදානම්

Shiran Viraj

පියා නිසා ට‍්‍රම්ප්ගේ දියණිය ජාත්‍යන්තරයේදි අමාරුවේ වැටෙයි

Shiran Viraj

ලක්‍ෂ 20 දුන්නේ රාජිතගේ ගජයා රූමි.. උපදෙස් රාජිතගෙන්.. කිඹුල් මොටාලා වමාරයි..- රාජිත හා රූමි 04 වැනි තට්ටුවට කැදවයි.. අත්අඩංගුවට ගැනීම නීතිපති උපදෙස් මත

Shiran Viraj
Translate »