mediahumanrights.lk
International News News

කළු මුහුදේදී නෞකා දෙකක් ගිනි ගනියි- 11ක් මරුට

ක්‍රිමියා අර්ධද්වීපයට ආසන්න කළු මුහුදේදී නෞකා දෙකක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

අනතුරින් පුද්ගලයින් 14දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සහන සේවකයින් සමත්ව තිබුණි.

ක්‍රිමියා අර්ධද්වීපය ආසන්නයේ කර්ච් සමුද්‍ර සන්ධියේදී ටැන්සානියානු ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකා දෙකක් ගිනි ගැනීමට ලක්ව තිබේ.

අනතුරට පත් එක් නෞකාවක් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් වන අතර ඉන් අනෙක් නෞකාවට ඉන්ධන හුවමාරු කරන අතරතුර ගින්න හටගෙන තිබුණි.

එම අවස්ථාවේ කළු මුහුදේ කුණාටු සහිත කාලගුණයක් පැවති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

අදාළ නෞකාවල කාර්යමණ්ඩල සාමාජිකයින් සාගරයට පැන දිවිබේරාගැනීමට උත්සහ දරා ඇති බවත් එම වාර්තා සඳහන් වෙයි.

සිදුවීමෙන් පුද්ගලයින් 11 දෙනෙකුට දිවි අහිමිවී ඇති අතර තවත් 14 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සහන සේවකයන් සමත්ව තිබේ.

මේ සම්බන්ධයෙන් ක්‍රිමියානු බලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.


(under the courtesy of adaderana.lk news web)

Related posts

මේ ශ්‍රී ලංකාවේ නින්දිත සියවසයි..- මංගල සමරවීර

Shiran Viraj

කඩුල්ල සෙලවී බේල්ස් නොසෙල්වූ ක්‍රිකට් පිටිය මවිතකළ නොදැවී යාම මෙන්න

Shiran Viraj

රතන හිමි උපවාස කරද්දී පොලුගත් මැරයන් රට පුරා සැණකෙළියකට සැරසුනා.. කඩ වැහුවා.. කළු කොඩි ඉස්සුවා..- හකීම්

Shiran Viraj