27.7 C
Colombo
2026-08-18
mediahumanrights.lk
NewsPolitical

රනිල් එක්ක ආණ්ඩු කරන්න ජනපතිගේ සූදානමක් නෑ

රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ආණ්ඩු කිරීමට තමන් සූදානම් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවතත් සඳහන් කළ  බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ජනාධිපතිවරයාගේ සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සන්ධාන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

අධිකරණ තීන්දුව පිළිබඳව අධිකරණයට ගරු කරන බවත් අධිකරණ තීන්දුවක් ලෙස කෙසේ වුවත් එය පිළි ගත යුතුව ඇති බවත් ඔහු පැවසීය.

ජනාධිපතිවරයාගේ අදහස ඇත්තේ ව්‍යවස්ථාවෙන් කුමන දේ ව්‍යවස්ථාව අනුව එකඟ වුවත් රනිල් වික්‍රමසිංහ මහතා සමග එකට ආණ්ඩු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිඳු අයෙක් සූදානම් වීමට අවශ්‍යතාවයක් නොමැති බවත් ඔහු පැවසීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කිසිදු අයෙකුද  සූදානම් වීමට අවශ්‍යතාවයක් නොමැති බවත් ඔහු පැවසීය.

ජනතාවගේ පැත්තෙන් මෙම තීරණය ජනාධිපතිවරයා ගත් බවත් පාර්ලිමේන්තු මැතිවරණයකට ජනතාවගේ පැත්තෙන් ජනතාවට පරමාධිපත්‍ය බලය දුන් බවත් නමුත් ශේෂ්ඨාධිකරණය තුළින් එය  වැළැක්වීම නිසා ජනතාවගේ පරමාධිපත්‍යයේදී ජනතාවට ඡන්දය ලබා දීමට තිබූ අවස්ථාව ,මහජන නියෝජිතයින් තෝරා පත් කර ගැනීමට තිබූ අවස්ථාව නැති වූ බවද ඔහු පැවසීය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

කුරුණෑගල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වසා දමයි

Shiran Viraj

පලාත් සංචරණ සීමා තවත් දීර්ඝ කෙරේ.. බස්නාහිර ලිහිල් කරයි.. නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න…

Shiran Viraj

නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා අද බැඳුම්කර කොමිසමට

Shiran Viraj
Translate »