mediahumanrights.lk
NewsSportsSports News

ලංකාවම පිළිගන්න කෙනෙක් ගේනවා..අලුත් ක්‍රීඩා ඇමති හරීන් ක්‍රිකට් වලට කරන්න යන දේ ගැන කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුවක් පත්කරන බවත්, ලංකාවම පිළිගන්නා පුද්ගලයෙක් අතුරු කමිටුවේ පාලනයට ගෙන එන බවත් නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ක්‍රීඩා අමාත්‍යංශයේදී අද (21) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ක්‍රීඩා ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

‘‘නිලවරණය කල්දානවද කියලා හරියටම කියන්න බෑ. අතුරු කමිටුවක් කොහොමත් එන්න ඉඩ තියෙනවා……ශ්‍රී ලංකාවම පිළිගන්න කෙනෙක් තමයි අතුරු කමිටුවේ පාලනයට ගේන්නේ. ඔහු අන්තර්ජාතික ක්‍රිකට් සභාවේත් (අයි.සී.සී.) පිළිගැනීම තියෙන කෙනෙක්..

..මම ලබන 26 හෝ 27 අන්තර්ජාතික ක්‍රිකට් සභාව මුණගැසෙන්න බලාපොරොත්තු වෙනවා. හිටපු අමාත්‍ය ෆයසිර් මුස්තාපා මහතා නිලවරණය පැවැත්වීමට පෙබරවාරි 9 දක්වා කාලය ලබාගෙන තිබුණා. ක්‍රිකට් දූෂණයෙන් තොර තැනක් කරන්න තව ටික කාලයක් ලබාගන්න ඕනේ” යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

(under the courtesy of nethnews.lk news web)

Related posts

"අත්වැල් බැඳ ගැනීමට සූදානම් නැහැ"

Shiran Viraj

විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරේ…

Shiran Viraj

සමන්තභද‍්‍ර රහතුන් හෙලිකොප්ටරයකින් රට වටා වඩිති.. කොරෝනා නැතිවෙන්න රට පුරා පිරිත් පැන් ඉසිති..

Shiran Viraj
Translate »