2026-07-04
mediahumanrights.lk
International NewsNews

පෘථිවියට නොපෙනෙන චන්ද්‍රයාගේ රහස් සොයා චීනය මෙහෙයුමක් අරඹයි

පෘථිවියට නොපෙනෙන චන්ද්‍රයාගේ කොටසේ ගවේෂණය කිරීම සඳහා චීනය විසින් රොබෝ යන්ත්‍රයක් ගොඩබැස්වීම සදහා වන සිය පළමු මෙහෙයුම චීනය විසින් ආරම්භ කර තිබෙනවා.

පෘථිවිය මුහුණ නොදෙන චන්ද්‍රයාගේ පැත්තක පිහිටා ඇති Von Kármán krater නම් ස්ථානයට රොබෝ යන්ත්‍රයක් ගොඩ බැස්වීමට චීනය විසින් චෑන්ජී-4 නම් අභ්‍යවකාශ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම රොබෝ යන්ත්‍රය හරහා පෘථිවියට නිරාවරණය නොවී තිබෙන චන්ද්‍රයාගේ කොටසේ ඇති පස් සහ ගල් කැබලි අඩංගු සාම්පල් එක්රැස් කොට ඒවා පරික්ෂණයන් සඳහා යලි පෘථිවියට ගෙන්වා ගැනීම චීනයේ බලාපොරොත්තුව වී ඇත.

මෙම Von Kármán krater නම් ස්ථානය පිලිබදව මිට පෙර විද්‍යාඥයින් විසින් කිසිදු පරීක්ෂණයක් සිදුකර නොමැති අතර මිට වසර බිලියන ගණනකට ඉහතදී දැවැන්ත උල්කාෂ්මයක් චන්ද්‍රයාගේ මෙම කොටසට පතිත වී ඇති බවයි ඔවුන්ගේ මතය වී ඇත්තේ.

චෑන්ජී-4 අභ්‍යවකාශ මෙහෙයුම යටතේ මෙම රොබෝ යන්ත්‍රය ලබන වසරේ ජනවාරි මාසයේදී චන්ද්‍රයා මතට ගොඩබැස්වීමටයි චීනය බලාපොරොත්තු වන්නේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

රාජිත නම් දේශපාලන මහෝඝය සිරකල ගෝටාභය දැනටමත් පරාදයි.. මේ පාලනය එලවන්න සියළු බලවේග දැනටත් කෑමොර දෙනවා..

Shiran Viraj

තනි ජීවි­ත­ය­කට හික්මීම අව­ශ්‍ය­­මයි ශ්‍රී ලාංකේය ව්‍යාපා­රික ලෝකයේ කාන්තා සල­කුණ ඔටාරා

Shiran Viraj

ස්ථාවර නියෝග, නීති කඩනවා..කතානායක එක්ක වැඩ කරන්න බෑ..මං අස්වෙනවා- පාර්ලිමේන්තු මහ ලේකම්

Shiran Viraj
Translate »