mediahumanrights.lk
Local News News

නාමල් කුමාරගේ හඬපටවල ඇත්ත හෙළිවෙයි

ප‍්‍රභූ ඝාතන සැලැස්මක් ඇතැයි හෙළි කළ නාමල් කුමාර නමැත්තා ඉදිරිපත් කළ හඬපටවල ජනාධිපතිවරයා හෝ වෙනත් ප‍්‍රභූ පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් තොරතුරු නොමැති බවට වාර්තා වනවා.
වැඩිදුර පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු සම්බන්ධයෙන් සාකච්ඡා කරන තොරතුරු එහි ඇතුළත්ව ඇති බවයි.

නාමල් කුමාර නැමැත්තාගේ හඬපට කිහිපයක් මෙරට දී මෙන්ම විදේශ රටකදී ද පරීක්ෂාවට ලක් කෙරුණා. 

මේ අතර තමාට ලබා දී තිබූ STF ආරක්ෂාව ඉවත් කර ඇති බවට නාමල් කුමාර ඊයේ (23) ප‍්‍රකාශ කළ නමුත් නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුණේ ඔහුට STF ආරක්ෂාව ලබා දී නොතිබූ බවයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

තෙරේසාට උපදෙස් දුන් ප්‍රබලයින් දෙදෙනෙක් පක්ෂය හැර යයි

Shiran Viraj

භූමදානය කළ යුතුමයි කියමින් මහනුවර කොරෝනා මළසිරුර රෝහලේ දමා ඥාතීහු පිටව යති

Shiran Viraj

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් පාසල් ශිෂ්‍යාවකට එන්නතක් විද පලායයි

Shiran Viraj