31.7 C
Colombo
2026-09-27
mediahumanrights.lk
International NewsNews

ගූගල් සමාගමෙන් ප්‍රශ්න කරයි

ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි අමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලය වෙත කැඳවා ප්‍රශ්න කිරීමකට ලක්කර තිබේ.

ගූගල් සෙවුම් අතරතුර මෝඩයා හෙවත් ෆූල් යන යෙදුම සෙවීමේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුව දිස්වන්නේ කෙසේද යන්න මෙහිදී ඔහුගෙන් ප්‍රශ්න කර ඇති බවද සඳහන්ය.

එහිදී පිළිතුරු ලෙසින් සුන්දර් පිචායි පෙන්වාදී ඇත්තේ පරාමිතීන් 200කට වැඩි ප්‍රමාණයක් යොදා සියලුම වෙබ් අඩවි සහ ජනප්‍රිය යෙදුම් පරික්ෂාකර හොඳම ප්‍රතිඵල ලබාදීම ගූගල් සෙවුම් වල හැසිරීම බවයි.

එය සාමාන්‍ය ක්‍රියාවලියක් පමණක්බව පැවසූ විධායක අධ්‍යක්ෂකවරයා එහි කිසිදු ආකාරයක දේශපාලන ගැති භාවයක් නොමැති බවද පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් ගූගල් සමාගමට එරෙහිව මෙවන් චෝදනාවක් එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවෙයි.

මීට පෙර 2000 දශකයේ මැදභාගයේදී අමෙරිකාව පාලනය කළ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ජනාධිපතිවරයාද මෙවන්ම චෝදනාවක් ඉදිරිපත් කර තිබුණත්, එම සමාගම එවරත් එය තරයේ ප්‍රතික්ෂේප කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ඊලම යනු ලංකාවයි.. ඊළම කිසිම තහනමක් නෑ..- මහින්ද දේශප‍්‍රිය

Shiran Viraj

පාර්ලිමේන්තුවේ වත්මන් සංයුතිය පිළිබඳව බත්තරමුල්ලේ සීලරතන හිමිගෙන් විවේචනාත්මක අදහස්

Shiran Viraj

අන්තරේ සමග සරසවි සිසුන් ගැටේ – STF කැඳවයි..තිදෙනෙක් රෝහලට

Shiran Viraj
Translate »