mediahumanrights.lk
Local NewsNews

විග්නේශ්වරන්ගේ පෙත්සම කුණු කූඩයට

උතුරු පළාත් සභාවේ ධීවර හා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බි. ඩෙනීෂ්වරන් එම තනතුරෙහි අඛණ්ඩව කටයුතු කිරීම බලාත්මක කරමින් ලබා දුන් අභියාචනාධිකරණයේ නියෝගය අභියෝගයට ලක්කරමින් උතුරු පළාත් හිටපු ප්‍රධාන  අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් විසින්  ගොනු කළ අභියාචන පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට  ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) නියෝග කළා .

ඒ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසිනි.

උතුරු පළාත් සභාවේ ධීවර හා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බි. ඩෙනීෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය මීට පෙර  අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

එම තීන්දුව අභියෝගයට ලක්කරමින් විග්නේශ්වරන් විසින් මෙම අභියාචන පෙත්සම ගොනු කර තිබුණා.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා  විසින් ගොනු කළ මෙම පෙත්සමෙන් උතුරු පළාත් සභාවේ ධීවර හා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බි. ඩෙනීෂ්වරන් සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් ලෙසට නම් කර තිබුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

2026 අයවැය ප්‍රතිපාදන කාර්යක්ෂමව ජනතා සුබසිද්ධියට යෙදවීම නිලධාරීන්ගේ වගකීමක් බව ජනාධිපති පවසයි

Shiran Viraj

ජ’පුර සහ ඔක්ස්ෆර්ඩ් සරසවි විද්‍යාඥයින් කොවිඩ් 19 වසංගතයට එන්නතක් සොයන්න එක්වෙයි

Shiran Viraj

අලුත් පරපුරේ දක්ෂ අයත් ඉන්නවා තරුෂි පෙරේරා

Shiran Viraj
Translate »