2026-09-16
mediahumanrights.lk
Local NewsNews

යාපනයෙන් අධිබලැති පුපුරණද්‍රව්‍ය තොගයක් හමුවේ..

යාපනය ගුරුනගර් ජැටියේදී (19) දින සොයා ගනු ලැබූ අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 200 ක ප්‍රමාණය ධීවරයින් විසින් තහනම් ධීවර කටයුතු වල නිරත වීමට රැගෙන එන ලද බවට සැක පල වී ඇතයි යාපනය පොලීසිය කියා සිටියේය.

යාපනය ගුරු නගර් ජැටියේදී පුපුරණද්‍රව්‍ය තොගයක් සගවා ඇති බවට යාපනය පොලීසිය ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් විසින් සිදු කරන ලද සෝදිසියකදී අදාල පුපුරණද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකිව ඇත.

එහිදී සී.ෆෝ වර්ගයේ පුපුරණද්‍රව්‍ය ග්‍රෑම් 600 ක් සහ ආර්.ඩී.එක්ස්. නැමති පුපුරණද්‍රව්‍ය ග්‍රෑම් 600 ක් තිබී පොලීසිය විසින් සොයාගෙන ඇත.

ධීවරයින් විසින් මසුන් ඇල්ලීමේදී මෙම පුපුරණද්‍රව්‍ය යොදා නීතිවිරෝධීව මසුන් මැරීමට යොදා ගැනීමට මෙලෙස කිසියම් පුද්ගලයෙකු විසින් මෙම පුපුරණදුව්‍ය තොගය රැගෙන විත් සගවා තබන්නට ඇති බවට යාපනය පොලීසිය සැක පල කර සිටියේය.

අදාල පුපුරණදුව්‍ය තොගය රැගෙන ආ පුද්ගලයෙකු පිළිබඳ මෙතෙක් අනාවරනය වී නොමැති අතර අදාල පුපුරණදුව්‍ය තොගය එම ස්ථානයට රැගෙන ඒම පිළිබඳ පුලුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද යාපනය පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

තෙල් ඉල්ලා සිපෙට්කෝ ප‍්‍රධාන කාර්යාලය වටලති.. සේවකයන් නිවාස අඩස්සියේ…

Shiran Viraj

ICCයෙන් දින 15ක පොදු සමා කාලයක්

Shiran Viraj

රන් පදක්කම දිනූ ක්‍රීඩිකාවක් තහනම් උත්තේජක අරන් – ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවට බලාපොරොත්තුවක්

Shiran Viraj
Translate »