mediahumanrights.lk
News Political

මහින්ද ඇතුළු 49ක් වගඋත්තරකරුවන් කරමින් රනිල් අධිකරණයට යයි – කෝවොරන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලයි

මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරය දැරිය නොහැකි බවට කෝවොරන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිමින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 122 ක් අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ඒ අනුව මෙම පෙත්සම සළකා බැලූ ප්‍රීති පද්මන් සූරසේන ඇතුළු ද්වි පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේ අදාළ පෙත්සම නොවැම්බර් 30 වැනිදා සහ දෙසැම්බර් 03 වැනිදා විභාගයට ගැනීමටයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ අමාත්‍ය මණ්ඩලයේ 49 දෙනෙකු අදාළ පෙත්සම මගින් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

ඉදිරි දින කිහිපයේදී අදාළ පාර්ශ්ව වෙත නොතීසි නිකුත් කිරීමටද නියමිත බවයි වාර්තා වෙන්නේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ඕනම කෙනෙකුට විදුලිය නිපදවලා ජාතික විදුලිිබල පද්දතියට එකතු කරන්න පුලුවන්

Shiran Viraj

ජනාධිපති අලුත් රූපවාහිනී නාලිකාවක් අරඹයි.. “හෙළවත්, හරවත්, හිතවත්”

Shiran Viraj

වංචා දුෂන නැති කර ක‍්‍රිකට් හදන හැටි රවි කියයි…

Shiran Viraj