mediahumanrights.lk
Local NewsNews

දේව පුජාවෙන් උගුළට හසු වෙලා

කාන්තාවන් රවටාගෙන දේවාල වලට ගොස් පුජාවන්ද තබා පසුව ඔවුන් සතුව ඇති රන් ආභරණ කොල්ලකෑමේ නිරත වූ සැකකරුවෙකුව හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාදම්පේ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙකුව වන අතර ඔහු කලක් යුධ හමුදාවේ සේවය කර ඇති බවත්, ක්‍රියාන්විත රාජකාරියේදී වෙඩි වැදී තුවාල ලැබීමෙන් පසුව සේවයට වාර්තා කර නොමැති අයෙකු වන බවත් විමර්ශණ වලදී හෙළිවී තිබේ.

විවිධ ස්ථාන වලදී හමුවන කාන්තාවන් හා මිතුරු වී ඔවුන්ව මුන්නේෂ්වරම ඇතුළු දේවාල වලට කැඳවාගෙන ගොස් දේව පුජාවන්ද සැකකරු විසින් තබා ඇති බව පොලීසිය විසින් හෙළි කරගෙන තිබේ.

මිතුදම වැඩි වූ පසුව කාන්තාවන් සතුව තිබූ ස්වර්ණාභරණ හොරකම් කරගෙන ගොස් උගස් තබා මුදල් ලබා ගැනීම සැකකරු විසින් සිදු කර ඇති අතර සැකකරුගේ උගුළට හසුවූ කාන්තාවක් විසින් ලබා දී තිබූ තොරතුරකට අනුව හලාවත – මුන්නේෂ්වරම ප්‍රදේශයේදී සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කාන්තාවන්ගෙන් සොරකම් කර මීගමුව ප්‍රදේශයේ පුද්ගලික ආයතනයකට උගස් කර තිබූ රන් දම්වැල් 03 ක්ද පොලීසිය විසින් සොයා ගෙන ඇති අතර සැකකරුගේ උගුළට හසුවී රන් ආභරණ අහිමි කර ගත් කාන්තාවන් තිදෙනෙකු හලාවත පොලීසියට පැමිණ ප්‍රකාශයන් ලබා දී තිබේ.

සැකකරු මේ ආකාරයට තවත් කාන්තාවන්ගෙන් රන් ආභරණ සොරකම් කරන්නට ඇතිබවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි.

හලාවත මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත බණ්ඩාර කස්තුරිආරච්චි මහතා ප්‍රධාන නිලධාරීන් විසින් සැකකරුවා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

තැපැල වර්ජනය කලත් අපි වැඩ – මැතිවරණ කොමිසම කියයි

Shiran Viraj

අපට ණය ගෙවාගන්න බැරිව ඉන්නේ… භාණ්ඩ මිල තවත් වැඩිවෙනවා.. කරන්න දෙයන් නෑ…

Shiran Viraj

අමෙරිකාවේ ‘කරුණාවන්තම විනිසුරු’ ෆ්‍රෑන්ක් කැප්‍රියෝ දිවි ගමනට සමුදෙයි

Shiran Viraj
Translate »