32.2 C
Colombo
2026-02-11
mediahumanrights.lk
NewsPolitical

ද්විත්ව පුරවැසිබව නිසා මන්ත්‍රී ධුරය අහෝසියි

යාපනය මහනගර සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන වී. කුගේන්ද්‍රන් මහතා දිවිත්ව පුරවැසිභාවය හිමි අයෙකු බැවින් ඔහුට එම මන්ත්‍රී ධූරය දැරීමට සුදුසුකමක් නොමැති බව අභියාචනාධිකරණය තීන්දු කර ඇත.

යාපනයේ ප්‍රදේශයේ පදිංචි පුරවැසියකු මෙන්ම දෙමළ ජාතික සංවිධානයේ සාමාජිකයෙකු වන නඩරාජා ලෝගනාදන් මහතා ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණ  සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දී ඇත.

පෙත්සම්කරු කියා සිටින්නේ වග උත්තරකාර නාගරික මන්ත්‍රී කුගේන්ද්‍රන් මහතාට කැනඩාවේ මෙන්ම ශ්‍රී ලංකාවේද ද්විත්ව පුරවැසිභාවය හිමි බවයි.

පළාත් පාලන මැතිවරණ පනතට අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි තැනැත්තන්ට දෙශීය සභා හෝ නගර සභා මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසු කමක් නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරු වගඋත්තරකාර මන්ත්‍රීවරයාට ද්විත්ව පුරවැසි භාවයක් හිමි තැනැත්තෙක් බැවින් ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරුවරු කියා සිටියේ වගඋත්තරකාර මන්ත්‍රීවරයාට ද්විත්ව පුරවැසිභාවය හිමි තැනැත්තෙකු බැවින් ඔහුට එම මන්ත්‍රී ධුරය දැරීමට සුදුසුකමක් නොමැති බවයි.

ඒ අනුව වගඋත්තරකරුට නාගරික මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට, නගර සභාවේ අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකමක් නොමැති පුද්ගලයකු බව ද අභියාචනාධිකරණය සිය තීන්දුවේ සඳහන් කර තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

වනජීවී නිලධාරීන් පිරිසක් වනාන්තරයක අතරමං වේ…

Shiran Viraj

7000ක් හොරට අස්වැසුම ගනී..

Shiran Viraj

ජාතික තව්හීද් ජමාත් කොළඹ සංවිධායක අධිකරණයට රැගෙන එයි

Shiran Viraj
Translate »