27.2 C
Colombo
2026-08-21
mediahumanrights.lk
Local NewsNews

අඩු පීඩනය නිසා වැස්ස වැඩි වෙයි

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තව දුරටත් දිවයිනට උතුරු දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර සෙසු පළාත්වල තැනින් තැන සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ දැක්වෙයි.

උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තරමක තද වැසි ඇති විය හැකි අතර උතුරු පළාත හරහා හමන පැ.කි.මී. 50 ක පමණ වන තරමක තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි

මේ අතර මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිටියි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

අනිල් ජාසිංහ හදපු පැණියක් නෑ.. ඔහු බටහිර වෙදකමේ ආච්බිෂොප්වරයෙක්.. අධිපති මතවාදයෙ නියෝජිතයෙක්..- නලින් ද සිල්වාගෙන් ප‍්‍රහාරයක්

Shiran Viraj

වගා පෙරළියකට ජනපති සූදානම් වෙයි

Shiran Viraj

විදුලිය බිද වැටීම සුළු දෙයක්.. ඒකට ඇමති ඉල්ලා අස්වෙන්න උවමනා නෑ..

Shiran Viraj
Translate »