27.3 C
Colombo
2026-10-28
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

වැ‍ලේ වැල් නැතුව කාගේ හරි එල්ලෙන්න බලාගෙන ඉන්න අයව අවුස්සගන්න එකත් තේරුමක් නැහැනේ – අනිත් එක තමයි ඇය මට හරිම පිළිකුල් නිළියක් – විශ්ව ලංකා

මුහුණු‍පොත නිසා මම මුහුණ දීපු අමතක නොවන සිදුවීම් හුඟක් තියෙනවා. රසික රසිකාවියන් විදියට කතා කරන අය නිසා මුහුණ දීපු සිදුවීම් වගේම කලා ක්‍ෂේත්‍රයේම අය හින්දා වෙච්ච දේවලුත් ඔය අතර තියෙනවා. රසික රසිකාවියන් විදියට ඇවිත් නොයෙක් යෝජනා කරන විදිහේ මානසික අසහනයෙන් පෙළෙන අයත් මුහුණු‍පොත හරහා මට මුණ ගැහිලා තියෙනවා. ඔය වගේ සිදුවීම් අතර අමතකම නොවෙන සිදුවීමකට මම මුහුණ දුන්නේ එක්තරා ගෑනු ළමයෙක් නිසයි. මම විවාහ වෙලා දරු දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක් බව ඇයත් දන්නවා. ඒත් මේ ළමයා ආදර යෝජනා කරමින් දිගට හරහට මුහුණු‍පොත හරහා මට massage එවන්න පටන් ගත්තා. ඒත් මම නිහඬව හිටියා. ඒ වුණාට මෙයා නතර වෙන පාටක් තිබුණේ නැහැ. ඒ වුණාට මුලදී බොහොම ආදරණීය විදියට facebook පණිවුඩ එවපු මේ ළමයා පස්සේ හරිම දරුණු විදියට ආදර යෝජනා කරන්න පටන් ගත්තා. මාව එයාට ඕනෑ කියලමයි ඇය කිව්වේ. මම සාමාන්‍යයෙන් දවස පුරාම ඩේටා ඔන් කරලා තමයි තියෙන්නේ. ඒ හින්දා රෑ 12ටත් මේ ළමයාගේ massage මට එන්න පටන් ගත්තා. පස්සේ කරන්නම දෙයක් නැති තැන මට සිද්ධ වුණා ඇයට ටිකක් දැඩි විදියට අමතන්න. අන්තිමේදී මට කරදර කරන එක නතර කළේ නැත්නම් නීතිය ඉදිරියට යනවා කියලා තර්ජනය කරලයි මම එයාව නිහඬ කළේ.

නළු නිළියන්, ගායක ගායිකාවන්, නිවේදක නිවේදිකාවන්, වගේ ජනප්‍රිය චරිතවලට රසික රසිකාවියන් හින්දා facebook හරහා මේ වගේ අකරතැබ්බවලට මුහුණ දෙන්න වෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් අපේම ක්‍ෂේත්‍රයේ අය හින්දා ඒ වගේ දේවල් වුණාම තමයි හිත ටිකක් රිදෙන්නේ.

දෙරණ නාලිකාව විකාශය කරන ‍පෝය ටෙලි චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ මමයි. එහි එක ටෙලි චිත්‍රපටයකට මම අපේ එක්තරා රංගන ශිල්පියෙක් තෝරා ගත්තා. පසුවදා එක්තරා කාන්තාවක් අමු තිත්ත කුණුහරුපයෙන් fb හරහ මට ආමන්ත්‍රණය කළා. අර කියන ශිල්පියා ඇයත් සමග සම්බන්ධයක් තිබූ බවත් ඇය මට කිව්වා. ඒ කතාව ඇත්තක් වුණත් බොරුවක් වුණත් ඒක මට අදාළ දෙයක් ‍නෙවෙයිනේ. ඒත් මේ කාන්තාවගේ fb ඇමතුම් නැවතුනේම නැහැ. මගේ ඡායාරූපයක් fb එකේ දැම්මත් ඇය ඊට යටින් තිත්ත කුණුහරුපයෙන් සටහනක් දානවා. මේවා දැකලා මගේ බිරිඳත් හිත රිදවා ගන්නවා. අන්තිමට මම මේ කාන්තාවට fb සටහනක් මගින්ම දැනුම් දුන්නා මෙය වහාම නතර නොකළහොත් මම නීතිය ඉදිරියට යන බව. ඊට පස්සේ තමයි ඇය නිහඬ වුණේ.

ඔය වගේ තවත් අත්දැකීමක් මට තියෙනවා. ඔහු කවි ලියන කෙනෙක්. හැබැයි ඒ කවි සාහිත්‍යමය වටිනාකමක් ඇති කවි නම් ‍නෙවෙයි. ඒවා වැසිකිළි බිත්තිවලට ගැළපෙන අමු තිත්ත වදන් ඇති කවි. ඔහු වටා රැඩිකල් කියලා කියාගන්න පිරිසක් ඉන්නවා. ඒ අයට නම් ඔහු මහා ලොකු ‍පොරක්. දවසක් මම Game show එකකදී කොට කලිසමක් ඇඳගෙන වැඩසටහනක් ඉදිරිපත් කළා. ඒ වැඩසටහනේ ස්වභාවය අනුව එහෙම කළාට මම හැම වැඩසටහනකටම කොට කලිසම් අඳින්නේ නැහැ. ඔහු මගේ ඒ ඡායාරූපයක් සමග ඉතාම පහත් වචන යොදලා කවියක් fb එකේ පළ කරලා තිබුණා. හැබැයි මම ඒකට උත්තර දෙන්න ගියේ නැහැ.

facebook හින්දා මගේ ඔළුවට පහත් වුණු ලොකුම හෙණගෙඩිය ගැන ගොඩාක් අය දන්නවා. මේ ලිපියට මට කතා කරද්දී මුලින්ම මගේ සිහියට ආවේ ඒ සිද්ධිය. ඒ ගැන නැවත නැවත කතා කරන්න මම කැමති නැහැ. වැ‍ලේ වැල් නැතුව කාගේ හරි එල්ලෙන්න බලාගෙන ඉන්න අයව අවුස්සගන්න එකත් තේරුමක් නැහැනේ. අනිත් එක තමයි ඇය මට හරිම පිළිකුල් නිළියක්.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ජනාධිපතිගේ නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් කරයි..

Shiran Viraj

තමන් හැමදාම තරුණකමේ ඉන්න එන්නතේ රහස මහින්ද හෙලි කරයි..

Shiran Viraj

ඩේල් ස්ටේන්ට එංගලන්ත සංචාරය අහිමි වෙයි

Shiran Viraj
Translate »