28.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
Local NewsNews

” පිදුරංගල ෆොටෝ එඩිට් කරපුවා ”- කැෆේ විධායක අධ්‍යක්ෂකගෙන් හෙළිදරව්වක්.

පිදුරංගල කියලා කියන්නෙ පහුගිය දවස් වල ගොඩ දෙනෙක්ගෙ කතාබහට ලක් වුණ ඓතිහාසික ස්ථානයක්. පිදුරංගල කියන්නෙ ඓතිහාසික පුදබිමක් කියලා මාධ්‍යයෙන් ප්‍රචාරණය වෙනකන් ගොඩක් අය දැනගෙන හිටියෙත් නැහැ. ඒ කොහොම වුණත් පසුගියදා පිදුරංගල ගිහින් අඩ නිරුවත් ඡායාරූප සෝෂල් මීඩියා වල දාපු අයට නම් වැඩ වැරදුනා.
ඒත් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ඊයේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී හරි අපූරු කතාවක් පවසා තිබෙනවා. ඒ පිදුරංගල සිද්ධියට අදාලව ප්‍රචාරය වෙලා තියෙන සියලුම ඡායාරූප ෆොටෝෂොප් මෘදුකාංගයෙන් සංස්කරණය කරන ලද ඒවා බවයි. ඒ අවස්ථාවෙ තෙන්නකෝන් මහතා පවසා සිටියෙ මේ වගේ දෙයක්.
පිදුරංගල සිද්ධියෙන් සමාජ ජාලා මගින් ප්‍රචාරය කර ඇති සහ ජාතික ජනමාධ්‍ය මගින් ප්‍රචාරය වෙලා තියෙන සියලුම ඡායාරූප ෆොටෝෂොප් වලින් එඩිට් කරපුවා. මේ චෝදනාව එල්ල වෙලා තියෙන ළමයි තමන්ගෙ ෆේස්බුක් පිටුවෙ පළ කරලා තියෙන ෆොටෝ , වෙන වෙනම තැන් දෙකක ගත්ත ඒවා එකතු කරලා හදලා තියෙන ඒවා. එකක් කොස්ලන්ද දියලුමෙන් ගත්ත එකක්. මේ ලමයිව නිරපරාදෙ නොකළ වරදකට හසු කරලා තියෙනවා.
පුරාවිද්‍යා පනත තියෙන්නෙ පුරාවිද්‍යා ස්ථාන රකින්න. නැතුව ෆොටෝ දාන එක වලක්වන්න නෙවෙයි. මේක හරි භයානක ඇප දෙන්න බැරි පනතක්. ඒක දැන දැනම මේ ළමයින්ට මේ දේ කරලා තියෙනවා. මේ නඩුව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ උවමනාවට කරපු දෙයක්.
මීට වැඩිය හොඳයි සංස්කෘතික හමුදාවක් හදලා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ඒකෙ හමුදාපති කරලා , එයාම පැමිණිලි දාලා , එයාම වාර්තා හදලා , එයාම නඩු දාලා එයාටම දඩුවම් දෙන පුළුවන් නීතියක් හැදුවා නම්. පුරාවිද්‍යා අධ්‍ය්ක්ෂ ජෙනරාල්ට පිස්තෝලෙකුත් දුන්නා නම් , වටු කුරුල්ලන්ට වෙඩි තියනවා වගේ එයාට හිතෙන හිතෙන මිනිස්සුන්ට උපරිම දඬුවම් දෙන්න පුළුවන්.
පිදුරංගල සිද්ධියට සම්බන්ධ ළමයින්ට අවවාද කරලා , වරදක් කරලා නම් දඩුවම් දෙන්න ඕන.

Related posts

මහජන රැළි එපා.. කොරෝනා පැතිරෙනවා.. අකුරු තේරෙනවනම් නිතර කියන්න උවමනා නෑ…

Shiran Viraj

පාස්කු විමර්ශන ලොක්කා රටින් පනී.. ඔත්තුකරුවන් දෙදෙනකු ලවා බොරු කියවලා….

Shiran Viraj

බැඳුම්කරයෙන් රජයට කෝටි 1000ක්‌ පාඩුවක් – හිටපු නි. අධිපති හෙළිකරයි

Shiran Viraj
Translate »