2026-08-18
mediahumanrights.lk
Local NewsNews

ජොන්ස්ටන් නිදොස් කොට නිදහස්

සතොස ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණය නියෝග කර තිබේ.
අදාළ නඩුව අද(17) කැදවූ අවස්ථාවේ මහාධිකරණය මෙම නියෝගය ලබා දුන් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
2008 සතොස ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවකට අදාලව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තකරුවන් තිදෙනෙකුට කුරුණෑගල මහාධිකරණය හමුවේ නඩු පවරා තිබු අතර ඔවුන් මාසයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියේය.
අදාළ නඩුව අද කැදවූ අවස්ථාවේ පැමිණිලි පාර්ශවයේ දුර්වල හා පරස්පර සාක්ෂි හේතුවෙන් විත්තිකරුවන් එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණය නියම කළ බව විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පැවසීය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

කාන්තාවන්ට තනිව සංචාරයට ලොව සුදුසුම රට ලංකාවයි..- Timeout

Shiran Viraj

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වේ… ලිපිය එවයි…

Shiran Viraj

සුප්‍රකට Black Panther චිත්‍රපටයේ ප්‍රධාන නළුවා පිළිකාවකින් මියයයි

Shiran Viraj
Translate »