28.4 C
Colombo
2026-09-09
mediahumanrights.lk
Local NewsNews

“එංගලන්තයේ හෝඩී පොතට සිංහල අපේ ජන කතාවක් දාලා” ලංකාවට අගයක් නැති සිංහල ජනකතා සාහිත්‍ය ලොවම ජය ගනි!

ලොව කිසිදු රටකට නොදෙවෙනි අපූරූ ජනකතා සාහිත්‍යයක් ශ්‍රී ලංකාවේ අප සතුව තිබේ. කෙසේ වෙතත් වර්තමානයේ අපේ දරුවන් අතර අපේ ජනකතා එතරම් ප්‍රචලිත නොමැත. සිංහල ජන කතා ශ්‍රී ලංකාවේදි අභාවයට යමින් පැවතුනද ලොව වෙනත් රටවල් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය මෙන්ම ජනකතා සම්ප්‍රදායද උගෙනීමට ඇල්මක් දක්වති. අප අධ්‍යාපනය තුලද සිංහල ජන කතා සාහිත්‍යයට එතරම් ඉඩක් වෙන්ව නොමැත.

මේ අතර ශ්‍රී ලංකාවේ ජන කතා වත්මන් අධ්‍යාපනය යටතේ අපගේ දරුවන්ට රස විඳින්න අවස්‌ථාව නොමැති වුවද එංගලන්තයේ පාසල්වල හෝඩි පොතට ලංකාවේ ජනකතාවක්‌ ඇතුළත් කර තිබේ යැයි වාර්තා වනවා. මේ බව පවසන්නේ ශ්‍රී ලංකාවේ ජනශ්‍රැති පිළිබඳ පර්යේෂකයකු හා දේශකයකු වන දර්ශනපති මහින්ද කුමාර දළුපොත මහතාය.

පසුගියදා දෙහිවලදි පැවති උත්සවයක් අමතමින් මහින්ද කුමාර දළුපොත මහතා මේ බව පැවසුවේය. තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා

‘ලංකාවේ අපට ජනකතා රාශියක්‌ තිබෙනවා. එදා මේ ජනකතා දරුවන්ට කියා දුන්නේ ගෙදර සිටි ආච්චිලායි. අද මේ රටේ දරුවන්ට එදා වගේ කතා අහන්න ලැබෙන්නේ නැහැ. ජනකතා ඇසුරින් දරුවන්ට ඉගෙනීමට බොහෝ දේ තිබෙනවා. මේනිසා පාසල් අධ්‍යාපනය තුළින් දරුවන්ට ඒවා ඉගනීමට සැලැස්‌වීම වැදගත්. තමාට සිතීමේ ශක්‌තිය ඇතිවුණේ පොඩි කාලේ සුරංගනා කතා කියවීමෙන් යෑයි ඇල්බට්‌ අයින්ස්‌ටයින් වරක ප්‍රකාශ කර තිබුණා.’ යනුවෙන්ද ප්‍රකාශ කළා.

(under the courtesy of nethgossip.lk news web)

Related posts

වවුනියාවේ ගෙවතු වගා 30,000ක සාර්ථකව අස්වනු නෙලයි.. අතිරික්ත එළවළු වෙළඳ පොලට…

Shiran Viraj

තැපැල් ගාස්තු ඉහළ දැමීමෙන් තැපැල් සේවාව කඩා වැටීමේ අවදානමක් පවතින බව මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි

Shiran Viraj

11-12 නිවාඩුයි… සතියක දීර්ඝ නිවාඩුවක්..

Shiran Viraj
Translate »