mediahumanrights.lk
NewsPolitical

“අගමැති මහින්දගේ රජයක් ?” මහින්ද, මෛත්‍රී, බැසිල් හමු වී මුල්ම වරට සාකච්ඡා කරළා – දේශපාලනය උණුසුම් කළ සාකච්ඡාවේ ප්‍රතිඵල ලගදීම ?

දේශපාලන කරළියම උණුසුම් කරමින් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් අතර මීට දින කිහිපයකට පෙර කොළඹ දී විශේෂ සාකච්ඡාවක් පැවති බවට වාර්තා වෙනවා. මෙම අවස්ථාවට බැසිල් රාජපක්‍ෂ හිටපු ඇමැතිවරයාද සහභාගි වී ඇත.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටත් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එල්ලවී තිබෙන ඝාතන තර්ජන පිළිබඳව මෙහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ජනාධිපතිවරයාගෙන් විමසා ඇතැයි පැවසේ. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්‌. බී. දිසානායක මහතාගේ නිවසේදී මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර මෙම සාකච්ඡාවට හේතුව වී ඇත්තේද මෙම ඝාතන කුමන්ත්‍රණයයි.
එම ඝාතන කුමන්ත්‍රණය පිළිබඳ කඩිනම් ක්‍රියා මාර්ග නොගන්නේ ඇයිදැයි හිටපු ජනාධිපතිවරයා මෙහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් විමසා තිබේ. පැයක පමණ කාලයක්‌ පුරා පැවැති මෙම සාකච්ඡාවේදී රටේ පවතින වත්මන් තත්ත්වය හා දේශපාලන වශයෙන් අතිශය වැදගත් කරුණු කිහිපයක්‌ පිළිබඳවද සාකච්ඡා කර ඇත.
මේ අතර මෙම සාකච්ඡාවන්හී අවසන් එකගතාවය අනුව මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා, අගමැති වී භාරකාර රජයක් ඇති කිරීමටද හැකියාව ඇති බවට සමාජජාලා ක්‍රියාකාරිකයන් අදහස් දක්වා තිබුනා.

(under the courtesy of nethgossip.lk news web)

Related posts

ඊයේ විවෘත කල ‘කල්‍යාණි රන් පිවිසුම’ අද යලි වසා දමයි..

Shiran Viraj

සාමාන්‍ය කටයුතු ආරම්භ කළ ද කොරෝනා වෛරසය පාලනය අඛණ්ඩව ක්‍රියාත්මකයි

Shiran Viraj

මැතිවරණය තියන නොතියන එක රජයේ වැඩක්.. අපට කරන්න කියන්න දෙයක් නෑ..- මැකො සභාපති

Shiran Viraj
Translate »