mediahumanrights.lk
Local News News

මහා වැසි වැඩි වෙයි. ශ්‍රී ලංකාව අවට වායුගෝලයේ සජීවී චන්ද්‍රිකා ඡායාරූප මෙන්න.

නාකපන වැස්ස තාමත් නවතින පාටක් පෙන්න නෑ. මේ වෙද්දීත් කිහිපයක්ම බිලිගන්න අයහපත් කාලගුණය සමත් වෙලා තියෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ වැසි තත්වය හෙට සිට තවදුරටත් වර්ධනය වෙනවා කියලා.

අද දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට සවස 02 00 න් පමණ පසුව ගිගිරුම් සහිත වැසි ඇති වීමේ වැඩි ඉඩකඩක් තියෙනවා. නැගෙනහිර දකුණ මධ්‍යම සබරගමුව ඌව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි වනවා.

පුත්තලම සිට කොළඹ, ගාල්ල හා හම්බන්තොට දක්වා වන මුහුදු ප‍්‍රදේශ වල සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝ මීටර 50 දක්වා ඉහළ යා හැකියි. ඒ නිසා එම මුහුදු ප‍්‍රදේශ රළු වෙන්න පුළුවන්. ධීවර හා නාවික ප‍්‍රජාව ඒ පිළිබඳව අවදානයෙන් සිටීම වැදගත්.

මේ තියෙන්නේ මේ මොහොතේ ශ්‍රී ලංකාව අවට වායුගෝලයේ ස්වභාවය.

(under the courtesy of siyathafm.lk news web)

Related posts

පොල් මිල පාලනය කිරීමට නව වැඩපිළිවෙලක්

Shiran Viraj

උමා ඔය ජනතාවට සහන දෙන්න වන සංහාරයකට වරදකරුව මාස 06ක සිර දඬුවම් ලැබූවෙක් පත්කරයි

Shiran Viraj

නීති විරෝධීව වාහන එකලස් කරන තැනක් මාට්ටු!

Shiran Viraj