2026-09-15
mediahumanrights.lk
Local NewsNews

තවත් සද්ධන්තයෙක් යකඩ යකාගේ ගැටෙයි

මඩකලපුව-කොළඹ දුම්රිය මාර්ගයේ වැලිකන්ද ප්‍රදේශයේ දී දුම්රියක ගැටී වන අලියෙක් බරපතළ තුවාල ලබා ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
ඊයේ(09) රාත්‍රී  9.45ට පමණ මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ වැලිකන්ද මොණරතැන්න ප්‍රදේශයේදී මෙම වන ගැටී ඇත.
මෙම අනතුරෙන් දුම්රිය මාර්ගයට හෝ දුම්රියට කිසිදු හානියක් සිදුවී නොමැති අතර අනතුරට පත් වන අලියා බරපතළ තත්ත්වයේ පසුවන බව අප වාර්තාකරු සඳහන් කළේය.
අනතුරට පත් වන අලියාට ප්‍රථිකාර කිරීම සඳහා ගිරිතලේ වනජීවි කාර්යාලයේ පශු වෛද්‍ය ඒකකයේ පිරිසක් පැමණි ඇති අතර මේ වන විට ප්‍රථිකාර කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

NGO කුමන්ත්‍රණ ගැන හොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලයි

Shiran Viraj

දෙමළ ජනයාටද යමක් ලැබිය යුතුයි… ඒ බව සියලු දෙනා තදින් සිතා ගත යුතුයි.

Shiran Viraj

ජේතවන දාගැබේ කුණු පුරවන්න කියපු සමනලීට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක්

Shiran Viraj
Translate »