26.7 C
Colombo
2026-09-09
mediahumanrights.lk
NewsPolitical

‘ඩී.එස්. ඩඩ්ලිලා එජාපයේ අද නෑ’ කියූ ජනපතිට ෆොන්සේකාගෙන් අකුණු ප‍්‍රහාර.. ජනපති පිස්සෙක් යයි නොකියා කියයි..

ඩී.එස්. සේනානායක, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක එදා පැවති තත්වය හමුවේ කල දේශපාලනය අද කිසිවෙකු හෝ කරන්නට යන්නේ නම් ඔහු පිස්සෙක් යයි ඇමති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
අද වන විට එජාපයේ ඩී.එස්. සේනානායකලා නැතිවා වාගේම ශ‍්‍රීලනිපයේ බණ්ඩාරනායකලාද නැතැයි ඇමතිවරයා පැවසීය.
අද දවසේ කිසිවෙකු ඩී.එස්. හෝ බණ්ඩාරනායක වන්නට හදන්නේ නම් එය හාස්‍යය කරුණක් යයිද ඔහු කීය.
ඔහු මේ බව සදහන් කලේ සිරිකොත එජාප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
තමන් පොදු අපේක්ෂකයා වී එජාපය සමග එක්ව ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවත් ඩී.එස්., ඩඩ්ලිලා එජාපයේ නැතැයි තේරුණේ පසුව බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් කරන ලද ප‍්‍රතාශයට ප‍්‍රතිචාර ලෙස ඔහු මෙම අදහස් පල කලේය.
රාජපක්‍ෂලාට කොඩිවින කැපූ කපුවාම අද එජාපයට දෙහි කපන්නේ යයිද කී ඔහු කකුලෙන් අදින අය කවුදැයි එජාපය මුල සිටම දන්නා බවත් පැවසීය.

(under the courtesy of lankacnews.com news web)

Related posts

තව මදි.. දේපල බද්දක් පනවනු..- IMF ප‍්‍රධානී කොලඹදී..

Shiran Viraj

ගාල්ල, ගිංතොට ගැටුම සම්බන්ධයෙන් පොලිස් කොමිසමේ අවධානය

Shiran Viraj

විමල්ට ඔ්න වුනාට මට ගෝටාභය එපා..මහින්ද පමණයි ඔ්නෑ-විමල්ට වෙල්ගම පිලිතුරු දෙයි

Shiran Viraj
Translate »