31.7 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNews

උණුසුම් වු කොටදෙණියාව

කොටදෙණියාව, නාවන ප්‍රදේශෙය්දී අද(05) ගම්වාසීන් පිරිසක්, නාවන ප්‍රාදේශීය මූල්‍ය ආයතනයක කළමණාකාරිනියගේ නිවස ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත විය.
ඒ අදාල මූල්‍ය ආයතනයේ තමන් තැන්පත් කළ මුදල්, මාස ගණනාවක් තිස්සේ නැවත ලබානොදීමට විරෝධය පළකරමින්.
අද පෙරවරුවේ මීරිගම, කොටදෙණියාව ප්‍රධාන මාර්ගයට පැමිණි ප්‍රදේශවාසීන් පිරිසක් මෙලෙස මාර්ගය හරස් කරමින් විරෝධතාවක නිතර විය.
පසුව විරෝධතාකරුවන් අදාල මූල්‍ය ආයතනයේ කළමණාකාරිණිය ලෙස කටයුතු කරන තරංගා ප්‍රසාදණී මහත්මියගේ නිවස ඉදිරිපිටට පාගමනින් පැමිණ සිය විරෝදය පළකිරීමත් සමඟ, නිවැසියන් හා ගම්වාසීන් අතර උණුසුම් කතාබහක් ඇති විය.
උරණ වූ ගම්වාසීන් නැවතත් කොටදෙණියාව අදාල මූල්‍ය ආයතනය ඉදිරිපිටට පැමිණ සිය විරෝධය පළකළ අතර එහිදී එම ස්ථානයට පැමිණි කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති ඩී.ඩී.වික්‍රමසිංහ මහතා ගැටළුව සම්බන්ධයෙන් කඩිනමින් සොයාබලා විසඳුම් ලබාදෙන බවට වූ පොරොන්දුවත් සමඟ පිරිස විසිර ගියේ විසිල් ගසමින් උද්ඝෝෂණය අවසන් කරමින්ය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

නියෝජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය පරාජය කරනවා – චන්ද්‍රසේකරන්

Shiran Viraj

විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිළධාරීන් 15කට ස්ථාන මාරුවීම්

Shiran Viraj

ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගතකල ගුරුවරයෙකු අත්අඩංගුවට..

Shiran Viraj
Translate »