mediahumanrights.lk
Local NewsNews

සභාපති සහ ලේකම්වරියගේ සීතල යුද්ධය

කළුතර නගර සභාවේ විවිධ අක‍්‍රමිකතා සහ දූෂණ සිදුවන බවට විවිධ පාර්ශ්ව චෝදනා කරනවා.

නගර සභාවේ විපක්ෂ කණ්ඩායම් පවසන්නේ සභාපතිවරයා සහ ලේකම්වරිය අතර මේ වනවිට සීතල යුද්ධයක් හටගෙන ඇති බවයි.

ඉකුත් සිකුරාදා ලේකම්වරියගේ නිල කාර්යාලයට ඉබි යතුරු දමා සභාපතිවරයා විසින් වසා දමනු ලැබ ඇති බවද වැඩිදුරටත් අනාවරණ වුණා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නගර සභාවේ සභාපතිවරයා කළුතර දකුණ පොලිසියට පැමිණිල්ලක් ද කර තිබෙනවා. ඒ, තමන් මෙලෙස කාර්යාලය වසා දැමුවේ එහි ඇති වටිනා ලියකියවිලි ආරක්ෂා කර ගැනීමේ අරමුණින් බව පවසමින්.

විපක්ෂ කණ්ඩායම් පවසන්නේ සභාපතිවරයා විසින් නගර සභාවේ පාලනය අත්තනෝමතික ලෙස මෙහෙයවනු ලැබීම මෙම ගැටළුවට ප‍්‍රධාන හේතුව වී ඇති බවයි. ඒ හරහා දූෂණ හා අක‍්‍රමිකතා ද සිදුවන බවට ඔවුන් පෙන්වා දෙනවා. සභාපතිවරයාගේ හිතවතුන්ට වෙළඳසැල් ලබාදීම සහ පොහොර ව්‍යාපෘතියක සිදුවන අක්‍රමිකතා සහ ගැටලු ද ඒ අතරට අයත්.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී හෙළිවුණේ කළුතර නගර සභාවේ ලේකම්වරියට නිසි පරිදි රාජකාරී සිදු කිරීමට සභාපතිවරයා ඉඩ ලබානෙදෙන බවටයි. ඒ සම්බන්ධයෙන් ඇය පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවද අනාවරණ වුණා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් කළුතර නගර සභාවේ සභාපති අමීන් නසීම්ගෙන්ද විමසීමක් කළා. ඔහු කියා සිටියේ ලේකම්වරියගේ ක‍්‍රියා කලාපය හේතුවෙන් සභාවේ රාජකාරී සිදු කර ගැනීමට බාධා මතුව ඇති බවයි.

අද දිනයේ කාර්යාලයේ යතුර ඇයට ලබාදෙන බවත් රාජකාරී නිමවූ විගස යළි අගුලූ දමන බවත් සභාපතිවරයා නෙත් නිවුස් වෙත කියා සිටියා.

මේ අතර නිසි පරිදි වැටුප් ලබා නොදීමට විරෝධය පළ කරමින් කළුතර නගර සභාවේ සුළු සේවකයින් අද (18) උද්ඝෝෂණ ක‍්‍රියාමාර්ගයක නිරත වීමට සූදානම් වන බවද නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

අවුරුද්ද අවසානයේ ඡන්දයක් !

Shiran Viraj

අමෙරිකාවේ Covid 19 මරණ සංඛ්‍යාව 1000 ඉක්මවයි

Shiran Viraj

ඛණිජ තෙල් සේවක අර්බුදය විසඳන සාකච්ඡාව පස්වරුවට කල් යයි

Shiran Viraj
Translate »