28.4 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNews

මුළුතැන් ගෙයක බිත්තියක් කඩාවැටිමෙන් පාසල් සිසුන් දෙදෙනෙක් රෝහලට

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තව දුරටත් කඩින් කඩ ඇද හැලෙන අධික  වර්ෂාවත් සමඟ ලිදුල පොලිස් වසමට අයත් මටුකැලේ දෙලොස්වන ජනපදයේ වතු නිවාසයක ඉදි කර තිබු තාවකාලික මුළුතැන් ගෙයක බිත්තියක් කඩාවැටිමෙන් පාසල් සිසුන් දෙදෙනෙක් තුවාල ලබා නුවරඑලිය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව ලිදුල පොලීසය පවසයි.
ඊයේ (05) පස්වරු 5 පමණ පාසල් හැර පැමිණි  සිසුන් දෙදෙනා තම නිවසේ මුළුතැන්ගේ තුල ආහාර ගනිමින් සිටියදි එම මුළුතැන්ගේ පැති බැම්මක් ඔවුන් මතට කඩාවැටි ඇති බව පොලිසිය කියා සිටියේය.
කඩා වැටුණු බිත්තියට යට වි සිටි පාසල් සිසුන් දෙදෙනා ප්‍රදේශවාසින් එක්ව ගොඩ ගෙන ලිදුල රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑලිය  මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ජනාධිපති ජාතිය ඇමතීම 08.30ට…

Shiran Viraj

රජයේ ඉන්ධන පිරවුම්හල් විදේශ සමාගම්වලට..?

Shiran Viraj

රණතුංග පවුලේ කෙනෙක් නැතුව මහින්දට දේශපාලනය කරන්න බෑ

Shiran Viraj
Translate »