mediahumanrights.lk
NewsPolitical

පොළියට තට්ටු කරන අයට විරුද්ධව මහින්ද නැඟිටියි

ආණ්‌ඩුවේ අසාධාරණ බදු ක්‍රමයට එරෙහිව ජනතාවගේ සහයෝගයෙන් රට පුරාම දැවැන්ත විරෝධතාවක්‌ ක්‍රියාත්මක කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පවසයි.
ජනතාව සූරාකන මෙම අසාධාරණ බදු ක්‍රමය නිසා ආණ්‌ඩුව පිළිබඳව ජනතා විශ්වාසය දිනෙන් දිනම ඈත් වන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා නව බදු ක්‍රමයට එරෙහි විරෝධය සිදු කරන ආකාරය තීරණය කිරීමට ඒකාබද්ධ විපක්‌ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවුදෙනකුගෙන් සමන්විත කමිටුවක්‌ පත් කරන බවද කීය.
ආණ්‌ඩුව කරන කියන දේවල් ආණ්‌ඩුවේ අයටත් තේරුම් ගැනීමට නොහැකි බව පැවසූ මහින්ද රාජපක්‌ෂ මහතා ආණ්‌ඩුව පිරිහී ඇතැයි ආණ්‌ඩුවේම මැති ඇමැතිවරුන් පවා හොඳින් දන්නා බව කීවේය.
“බැංකු පොලියෙන් පමණක්‌ ජීවත් වන මිනිස්‌සු ඉන්නවා. රැකියාවෙන් විශ්‍රාම ගිය උදවිය ඇතුළු විශාල පිරිසක්‌ මේ විදිහට බැංකු පොලියෙන් ජීවත් වෙනවා. ආණ්‌ඩුව දැන් ඒ පිරිසත් තරහ කරගෙන ආණ්‌ඩුවෙන් කළ යුතු සේවාවන් රැසක්‌ තිබියදී අහිංසක ජනතාවට මේ විදිහට හිරිහැර කිරීම ඉතාමත් අසාධාරණයි” යැයි හිටපු ජනාධිපතිවරයා පැවසීය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවෙන් පසු ඒකාබද්ධ විපක්‌ෂය ඊළඟට සූදානම් වන්නේ නව බදු ක්‍රමයට එරෙහිව විරෝධය දැක්‌වීම බවද හෙතෙම කියා සිටියේය.
(under the courtesy of srilankamirror.lk news web)

Related posts

සංකීර්ණයෙහි ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන්න යයි

Shiran Viraj

පාර්ලිමේන්තුව පැය දෙකකට රැස්වේ

Shiran Viraj

සප්ත කන්‍යා කඳුවැටිය තරණයට සංචාරකයන්ට අවස්ථාව

Shiran Viraj
Translate »