2026-09-07
mediahumanrights.lk
Local NewsNews

දේශපාලන පක්ෂ අවස්ථා කිහිපයකදී මැයි දින සැමරුමට සැරසෙයි

ජාත්‍යන්තර මැයි දින සැමරුම දින කිහිපයකදී වෙන් වෙන්ව පැවැත්වීමට දේශපාලන පක්ෂ සහ වෘත්තිය සමිති තීරණය කර තිබේ.
ජාත්‍යන්තර කම්කරු දිනය යෙදෙන මැයි පළමු වන දිනට අදාළ සැමරුම් වෙසක් සතිය හේතුවෙන් මැයි 07 වන දින පැවැත්විමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව මැයි 07 වනදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර එදින මැයි දින සැමරුම් රැසක් පැවැත්විමට නියමිතයි.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින සැමරුම මඩකලපුවේදී  ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට සැලසුම් කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
තවද එක්සත් ජාතික පක්ෂය මෙවර මැයි දින සැමරුම ලබන 06 වනදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේදී පැවැත්වෙන බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේය.
ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින සැමරුම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේදී පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණ ද ලබන 07 වනදා කම්කරු දිනය සමරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් ද ජයතිස්ස මහතා පවසයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

මා ගඩාෆි මෙන් පාරේ මරා දැම්මත් සටන අහරින්නේ නෑ- ජනපති යලිත් කියයි..

Shiran Viraj

අරාබි වසන්තය කොළඹ මැවේ.. ඊජිප්තු, ටියුනීසියා, ලිබියා පන්නනයේ කොළඹ පහරදීම මෙන්න..[Video]

Shiran Viraj

ගිලන් රථත් හෙට සහ අනිද්දා නවතියි

Shiran Viraj
Translate »