28.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
International NewsNews

ජනප්‍රිය ෆැන් පේජස් හිමිකරුවන් කවුදැයි සෙවීමට ෆේස්බුක් සමාගම සැරසෙයි

ෆේස්බුක් සමාගම විසින් සිය වෙබ් අඩවිය තුල පවත්වාගෙන යනු ලබන ජනප්‍රිය ” ෆැන් පේජස්” පවත්වා ගෙන යනු ලබන පුද්ගලයින්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම සම්බන්ධයෙන් එම සමාගම පියවර ගෙන තිබෙනවා. එලෙස ෆේස්බුක් පිටු මගින් ව්‍යාජ ප්‍රවෘත්ති ප්‍රචාරය වැළැක්වීම සඳහා ඔවුන් මෙම පියවර ගෙන තිබෙනවා.
සිය අනන්‍යතාවය තහවුරු නොකරන කිසිම අයෙකුට ඔවුන්ගේ ෆේස්බුක් පිටුවල පෝස්ට් පළකිරීම වැළැක්වීමට තම සමාගම විසින් කටයුතු කරන බව මාර්ක් සකර්බර්ග් කියා සිටිනවා.
” ව්‍යාජ ගිණුම් භාවිත කරමින් සිය ෆේස්බුක් පිටු පවත්වාගෙන යන පුද්ගලයින් වැළැක්වීමටයි මෙම පියවර ගන්නේ” යැයි මාර්ක් සකර්බර්ග් විදෙස් මාධ්‍ය හමුවේ සිය අරමුණ පිළිබඳව පැහැදිලි කරමින් කියා සිටියා.
ඉදිරියේදී ෆේස්බුක් හරහා දේශපාලන දැන්වීම් පලකිරීමේ යෝජිත ක්‍රියාවලිය සඳහා මෙම ක්‍රමය පිටුවහලක් වනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.
උදාහරණයක් වශයෙන් ගත් කල ඇමෙරිකාව තුල සිට ඉදිරියේදී දේශපාලනික ප්‍රචාරණයන් කිරීමට බලාපොරොත්තු වන ෆේස්බුක් පිටු පවත්වාගෙන යනු ලබන පුද්ගලයින්ගේ තැපැල් ලිපිනය සහ අනන්‍යතාවය තහවුරු කිරීමේ හැදුනුම්පත ඉදිරිපත් කිරීමට අනිවාර්ය වන අතර එලෙස තහවුරු කර ගනු ලැබූ පුද්ගලයින් සඳහා සිය දැන්වීම් පල කිරීමට පෙර ඇතුලත් කල යුතු රහස් සංකේතයක් ලබාදීමට ෆේස්බුක් සමාගම කටයුතු කිරීමට නියමිත වෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

අනුර කැනඩා යන්න පෙර තානාපති ජවිපෙ මූලස්ථානයට එයි..

Shiran Viraj

තිස් වසරක කඳුළු පිස එදා විජයග්‍රහණ සැමරුවේ මෙලෙසයි

Shiran Viraj

ඉරණමඩුව පිරී කිලිනොච්චියට වසන්තය එයි

Shiran Viraj
Translate »