mediahumanrights.lk
International NewsNews

ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 10ක් මරුට

ඉන්දියාවේ නව දිල්ලි අගනුවර පිහිටි මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පුද්ගලයින් දෙදෙනෙකු අනතුරින් බරපතල තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
ජනාකීර්ණ ප්‍රදේශයක් මධ්‍යයේ පිහිටා තිබූ සිව් මහල් ගොඩනැගිල්ලක් මෙලෙස කඩා වැටී තිබෙනවා. සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා ජිවිතාරක්ෂක මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබූ බවද විදෙස් මාධ්‍යයන්හි සඳහන්.
ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. එහෙත් සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ බර වාහනයක් ගැටීමත් සමග ගොඩනැගිල්ල කඩා වැටුණු බවයි. අදාළ ගොඩනැගිල්ල වසර ගණනක් පැරණි එකක් බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

එජාපය ගමේ බලය අල්ලන හැටි ඇමති චන්ද්‍රානි කියයි

Shiran Viraj

දැන් ඉතින් ජනතාව අහිතකර අණ පනත් අහෝසි කරන්න..

Shiran Viraj

අගමැති වෙන්න කොන්දේසි දැමූ සජිත්ට විපක්‍ෂ නායක පුටුවත් නැති වෙයි…

Shiran Viraj
Translate »