mediahumanrights.lk
International NewsNews

උඩුගුවනේ දී ඉන්දිය චන්ද්‍රිකාවක් අතුරුදන්

ඉන්දියාව විසින් උඩුගුවනට යවන ලද ජී.සැට් 6 ඒ නම්  චන්ද්‍රිකාව අතුරුදන්වී ඇති බව ඉන්දිය වාර්තා පවසනවා. අදාළ චන්ද්‍රිකාව ජංගම දුරකථන සන්නිවේදනය සඳහා ඉන්දියාව විසින් උඩුගුවනට යැවු බව සඳහන්. ඒ පසුගිය  බ්‍රහස්පතින්දා (29) දිනයේ දීයි.
චන්ද්‍රිකාව කක්ෂගත කිරීමේ අවසන් මොහොතේ දී අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා එය අතර පැවැති  සබඳතාවය බිඳ වැටුණු බවයි  ඉන්දීය අභ්‍යවකාශ ආයතනය සඳහන් කළේ.
කෙසේ නමුත් ටොන් 2066 ක් බරැති මෙම චන්ද්‍රිකාව සමඟ සන්නිවේදන සබඳතා යළි ඇති කරගැනීම සඳහා උත්සාහයක නිරතවන බවද ඉන්දීය අභ්‍යවකාශ ආයතනය වැඩිදුරටත් කියා සිටියා.
මෙම චන්ද්‍රිකාව කක්ෂගත කිරීම සඳහා ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය වැයකර ඇති මුදල ඉන්දිය රුපියල් කෝටි 270 ක් .
මෙයට පෙර ඉන්දියාව චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමේ දී එය නිසි පරිදි කක්ෂගත කිරීමට නොහැකි වුණේ 2017 වසරේ අගෝස්තු 31වනදායි.
එය ඉන්දියානු අභ්‍යවකාශ මෙහෙයුමක් අතීශයෙන් අසාර්ථක වූ අවස්ථාවක් ලෙසයි සැලකෙන්නේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

කොවිඩ් පරදාව බිහි වූ බිළිඳා – නිකවැරටිය රෝහලෙන් ඇසෙන කතාව

Shiran Viraj

සුමන්තිරන් පළාත් සභා ජන්දයට ඉදිරිපත්විය යුතුයි

Shiran Viraj

අර්චුනා හෝටයක යකා නටමින් පහර දෙයි.. දෙදෙනෙක් තුවාල ලබා රෝහලේ..

Shiran Viraj
Translate »