2025-12-10
mediahumanrights.lk
Local NewsNews

වෑන් යතුරු පැදි අනතුරින් පුද්ගලයෙකු එළොව යයි

පුත්තලම  සිට කල්පිටිය දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ පාලවිය කරඹ ප්‍රදේශයේදී (21) වන දින යතුරුපැදියක් සහ වෑන්රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ රියඅනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පුත්තලම රථ වාහන පොලීසිය සදහන් කරයි.

මෙලෙස අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පාලවිය,කරඹ, උලුක්කාපල්ලම ප්‍රදේශයේ පදිංචි (27) හැවිරිදි අක්බර් ජාබිර් නැමති පුද්ගලයෙකු බවත්, අදාළ පුද්ගලයා යතුරුපැදියේ ගමන් කිරමින් සිටියදී එකවරම අදාළ වෑන් රථයේ වේගය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව යාමෙන් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පරික්ෂණ පවත්වන රථ වාහන පොලීසිය සදහන් කරන්නේ.

සිද්ධියෙන් අනතුරුට පත් යතුරුපැදියට සහ වෑන් රථයට දැඩි අලාභ හානි සිදුව ඇති අතර, අදාළ වෑන් රථය කුලී පදනම මත රැගෙන විත් මෙම අනතුරු සිදුකර ඇති බවත්, අනතුරින් පසු වෑන් රථයේ රියදුරු පලාගොස් ඇති බව කියයි.

වෑන රථයේ රියදුරු සොයා පුත්තලම පොලීසිය පුළුල් පරික්ෂණ ආරම්භ කර තිබුණි.

Related posts

වඩමාරච්චි යුද හමුදා කදවුරක් ඉවත් කරයි..

Shiran Viraj

කිලෝ 56ක් බර ලෝහමය තහඩුවක් කෝටි 04කට විකුණනන්න හැදූ 05ක් අල්ලයි

Shiran Viraj

ඉක්වදෝරයට ඩොලර් මිලියන 643 ක ආධාර මුදලක්

Shiran Viraj
Translate »