2025-12-10
mediahumanrights.lk
Local NewsNews

හඳුනාගත් වැරදි 33ක් සඳහා නව ස්ථානීය දඩ නියම කරයි

මාර්ග අනතුරු අවම කිරීම සහ විනයගරුක රියදුරන් බිහිකිරීමේ අරමුණින් හඳුනාගත් මාර්ග රථවාහන වැරදි 33ක් සඳහා නව ස්ථානීය දඬ මුදල් හඳුන්වාදීමට කටයුතු කර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ අද (05) පාර්ලිමේන්තුවේ දී පවසා සිටියා.
මෝටර් වාහන පනත යටතේ නියෝග තුනක් අද පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණා.  ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ විසින් විවාදය ආරම්භ කරමින් මෙම පැහැදිළි කිරීම් සිදු කළා.
“වැරදි 33 සඳහා නව දඬ අයකිරීම නීතියක් ලෙස ක්‍රියාත්මක වෙනවා. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පත් කළ කමිටුවේ නිර්දේශ අනුව දඬ මුදල් 33ක් හඳුන්වා දීමට කටයුතු කළා. බලාපොරොත්තු වන්නේ විනයගරුක රියදුරන් බිහිකිරීමටයි.  ජනතාවගේ ජීවිත ආරක්ෂ කිරීමටයි. ඒ අනුව ස්ථානීය දඬය රුපියල් 500 සිට 3,000සක උපරිමයකට දඬ මුදල නියම කෙරෙනවා. මෝටර් වාහන පනත යටතේ නියෝග යටතේ ත්‍රීවීල් රථය වෙනුවට රෝද හතරේ නව රථයක් හඳුන්වාදීමට කටයුතු කෙරෙන අතර එය රථවාහන නීතියට ඇතුළත් කිරීමට මෙමඟින් සිදු කෙරෙනවා. එමෙන්ම මෙම නව රථය අධිවේගී මාර්ගවලට ඇතුල් කිරීම වළක්වන ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කෙරෙන බවද ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයක් හඳුන්වාදීමට බලාපොරොත්තුවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

කසල කන්දෙන් විපතට පත්වූවන් වෙනුවෙන් මැතිව්ස් තැබූ ට්විටර් සටහන

Shiran Viraj

පාකිස්ථානයට ලකුණු 32ක ජයක්

Shiran Viraj

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 99 වන ජන්ම දිනය සැමරීමට ජනපති එක්වෙයි

Shiran Viraj
Translate »