28.4 C
Colombo
2026-09-10
mediahumanrights.lk
Local NewsNews

සාමාන්‍ය පෙළ විභාගයේ ඉහළම සාධන මට්ටම මෙවර දකුණු පළාතෙන්

දකුණු පළාත මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී ඉහළම සාධන මට්ටමක් පෙන්නුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට දිවයින පුරා පෙනී සිටි සිසුන්ගෙන් දෙලක්ෂ 16,815 දෙනෙකු උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබා ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 73.0ක් පහක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දකුණු පළාතේ උසස් පෙළ සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිශතය සියයට 79.41ක් වන බව සඳහන් වෙයි.
දිස්ත්‍රික්ක වශයෙන් සැලකීමේදී උසස් පෙළ සඳහා සුදුසුකම් ලැබූ ඉහළම ප්‍රතිශතය සහිත දිස්ත්‍රික්ක බවට පිළිවෙලින් හම්බන්තොට, මාතර හා ගාල්ල යන දිස්ත්‍රික්ක පත්ව තිබේ.
මීට අමතරව කළුතර හා මන්නාරම දිස්ත්‍රික්කවල හැර සෙසු දිස්ත්‍රික්කවල සියලුම විෂයන් අසමත් වූ ශිෂ්‍ය ප්‍රතිශතය පසුගිය වසරට සාපේක්ෂව අඩු වී ඇති බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

අවම සති දෙකක් රට වසා දමන්නැයි කියයි…

Shiran Viraj

මහින්ද සහ පවුලේ අය ගුවනින් යයි..?

Shiran Viraj

බාල ඖෂධ නිසා රෝගීන් මියයද්දී ඉන්දියාව සමඟ ඇති කරගත් ඖෂධ ගිවිසුම මාරාන්තිකයි – උදය ගම්මන්පිල

Shiran Viraj
Translate »