25 C
Colombo
2026-10-06
mediahumanrights.lk
NewsPolitical

ජනපතිවරයා අගමැතිගේ ආර්ථික කමිටුව අහෝසි කරයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ ආර්ථික කළමනාකරණ කමිටුව මුළුමනින්ම අහෝසි කිරීමට ඊයේ (27 දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්‌වූ කැබිනට්‌ රැස්‌වීමේදී තීරණය වී ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ඊයේ අමාත්‍ය මණ්‌ඩල රැස්‌වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම ආර්ථික කළමනාකරණ කමිටුව මුළුමනින්ම අහෝසි විය යුතු බවට තරයේ ප්‍රකාශ කළ බවද වාර්තා වේ.
එම කමිටුව මුළුමනින්ම අහෝසි කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මීට පෙර කැබිනට්‌ පත්‍රිකාවක්‌ද ඉදිරිපත් කර තිබිණි.
මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්‌ඩල රැස්‌වීමේදී සිදු වූ සාකච්ඡාවේදී මින් ඉදිරියට ආර්ථික තීන්දු තීරණ අමාත්‍ය මණ්‌ඩලය තුළ සාකච්ඡා කර ගත යුතු බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයිද වාර්තා වේ.
මීට පෙර පැවැති අමාත්‍ය මණ්‌ඩල රැස්‌වීමකදී ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කළමනාකරණ කමිටුව පසුගිය වසර කිහිපය තුළ ක්‍රියාත්මක වුවත් එමගින් ඵලදායි යමක්‌ සිදුව නැති බවයි.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

රනිල් අගමැති කලේ ජනාධිපතිට ජාත්‍යන්තර බලපෑමෙන්.. මේ ජාතික හෝ අන්තර්කාලීන ආණ්ඩුවක් නොවේ…

Shiran Viraj

ලංකාවට පැරදුණු සිම්බාබ්වේ කී‍්‍රඩකයන්ගේ වැටුප් කපාහරී

Shiran Viraj

ප‍්‍රදේශ කිහිපයකින් නීතිවිරෝධී ගිනි අවි සමග සැකකරුවන් අත්අඩංගුවට

Shiran Viraj
Translate »