24.5 C
Colombo
2026-02-04
mediahumanrights.lk
NewsPolitical

මුස්ලිම් මන්ත්‍රිවරු සහ ඇමතිවරු ජනපතිට සහ අගමැතිට ලිපියක් යවයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මහජන නියෝජිතයන් පිරිසක් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
ඒ සිය ජනතාව මුහුණ දී ඇති තර්ජන සම්බන්ධයෙන් දවස් තිහක් ඇතුළත නිත්‍ය විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් බවයි බීබීසී මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.
අම්පාර, දිගන, තෙල්දෙණිය සහ මහනුවර වැනි ප්‍රදේශවල මෑතදී වූ සිදුවීම් සිහිපත් කරමින් එම ඉල්ලීම සිදුකරමින් යවන ලද ලිපියට මුස්ලිම් මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් 21 ක් දෙනෙක් අත්සන් තබා ඇති බවද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
ඇතැම් භික්ෂූන් වහන්සේගේ ආධාරය ද ඇතිව බෞද්ධ අන්තවාදීන් විසින් මුස්ලිම් ජනතාවට එරෙහිව දිගින් දිගටම ගෙනයනු ලබන වෛරී සහගත ව්‍යාපාර, බිය ගැන්වීම්, ප්‍රචණ්ඩ ක්‍රියා සහ තර්ජන අවසන් කිරීමට පියවර ගන්නා ලෙස මෙම මුස්ලිම් පාර්ලිමේන්තු නියෝජිතයෝ ඉල්ලා සිටින බවයි එහි වැඩි දුරටත් දක්වා ඇත්තේ.
අලුත්ගම ප්‍රහාරවලට එරෙහිව මුස්ලිම් ජාතිකයන් විසින් පැමිණිලි හතළිස් හතරක් (44) ඉදිරිපත් කරනු ලැබ ඇතත් තවමත් කිසිවකු අත්අඩංගුවට ගෙන නැති බවද මුස්ලිම් නායකයෝ මින් පෙන්වා දී ඇති බවත් සඳහන්.
මුස්ලිම් ජනයාට අවශ්‍ය රැකවරණය සැලසීමට සහ නීතිය සහ සාමය පවත්වා ගැනීමට අපොහොසත් වූ හෙයින් කළින් බලයේ සිටි මහින්ද රාජපක්ෂ රජය 2015 දී පෙරළා දැමීම සඳහා අති බහුතර මුස්ලිම් ජනතාව දායක වූ අතර එම ප්‍රචණ්ඩ පරිසරය දිගටම පෙරට ගියහොත් ඕනෑම ආණ්ඩුවක මැදිහත්වීම සම්බන්ධයෙන් මුස්ලිම් තරුණ ප්‍රජාව අතර විශ්වාසය බිඳ වැටෙනු ඇතැයි ද මුස්ලිම් ජන නායකයන්ගේ ලිපියෙහි දැක්වෙන බවද සඳහන්.
එවැනි තත්ත්වයක් යටතේ වර්තමාන අර්බුදය තවත් බරපතළ අතට හැරිය හැකි මට්ටමින් ‘ඔවුන් ඔවුන්ගේ ආරක්ෂාව සලසා ගැනීමේ දිශානතියක් කරා යොමු වීමට’ ඉඩකඩ ඇති බවත් එම ලිපියේ සඳහන් බවයි බීබීසී ය පෙන්වා දෙන්නේ.
කොන්දේසි සහිතව ඇප මත මුදා හරිනු ලැබ සිටින අන්තවාදීන් රට පුරා ප්‍රචණ්ඩ විනාශකාරී පරිසරයක් නිර්මාණය කරමින් වෛරී ව්‍යාපාරයක් මෙහෙයවමින් සිටින බවට බොහෝ සාක්ෂි ඇති බවත් මුස්ලිම් මහජන නියෝජිතයන් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට යොමුකළ සිය ලිපිය මගින් කියා සිටිනවා.

(under the courtesy of nethfm news web)

Related posts

බුදු දහම ප‍්‍රවර්ධනය Chat GPTට දෙනවා..- ජනපති

Shiran Viraj

වැලිකඩ බන්ධනාගාරය ඉවතට.. හොරණ මිල්ලෑවට..

Shiran Viraj

ලංකාවෙන් මංකිපොක්ස් ආසාදිතයෙකු හමුවේ…

Shiran Viraj
Translate »