mediahumanrights.lk
Local NewsNews

මාධ්‍යවේදී චන්ද්‍රසිරි දොඩන්ගොඩ මියයයි

ප්‍රවීණ නවකතා රචකයෙකු සහ කෘතහස්ත මාධ්‍යවේදියෙකු වන චන්ද්‍රසිරි දොඩන්ගොඩ මහතා ඊයේ (27) අභාවප්‍රාප්ත විය.
කලක සිට රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට හැට හයවන වියේ පසුවිය.
අසුව දශකයේ මුල් භාගයේ යොවුන් මාධ්‍යවේදියකු ලෙස දිවයින පුවත්පත හා සම්බන්ධ වූ ඔහු ඉන් විශ්‍රාම යන විට එහි විශේෂාංග කර්තෘ පදවිය හෙබවීය.
ඔහු විසින් ලියන ලද නවකතා අතිශය ජනප්‍රියත්වයට පත්වු අතර ඒවායෙන් පුද්ගල මනෝභාවයන් සේම සමාජ විවරණයන්ද සියුම් අයුරින් ඉදිරිපත් වු බව විචාරකයන්ගේ පොදු අදහස විය.
දේහය දැනට රාගම කුරුකුලාව නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට(29) සිදු කිරීමට නියමිතය.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

පුරහල අවට ට්‍රැෆික්

Shiran Viraj

සංචාරයන්ට හිතැති ටුක් ටුක් සංකල්පය හඳුන්වාදීමට පියවර – ත්‍රී රෝද රථ නියාමනයට අධිකාරියක්

Shiran Viraj

සහල් පාලන මිල 275 කරන්නැයි කියති.. නැතොත් සහල් උග‍්‍ර හිගයක්.. වී කිලෝව 150යි..

Shiran Viraj
Translate »