27.2 C
Colombo
2026-09-12
mediahumanrights.lk
NewsSportsSports News

20/20 ජයෙන් වාර්තා පොත අලුත් වෙයි!

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති පළමු පන්දුවාර විස්ස තරගයෙන් ශ‍්‍රී ලංකාව ලැබූ ජයග‍්‍රහණය වාර්තා පොත් අලූත් කර තිබෙනවා. ශ‍්‍රී ලංකාව ඊයේ තරගයේ දී ලකුණු 193ක් හඹාගොස් ජයගත් අතර එය ශ‍්‍රී ලංකාව විස්සයි විස්ස තරගයක ලැබූ ඉහළම ලකුණු හඹා යාමයි.
එමෙන්ම බංග්ලාදේශය තුළදී කිසියම් කණ්ඩායමක් හඹාගොස් ජයගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ද මෙය වනවා. ශ‍්‍රී ලංකාව ඊයේ තරගය ජය ගත්තේ 2017 වසරේ විස්සයි විස්ස තරග 08කින් ලැබූ පරාජයෙන් පසුවයි. බංග්ලාදේශය රැස් කළ ලකුණු 193 ද සිය රටේ දී ඔවුන් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි.
ලකුණු 194ක් රැස් කර ගනමින් ශ‍්‍රී ලංකාව ඊයේ පැවති තරගයෙන් කඩුලූ 06ක විශිෂ්ට ජයක් වාර්තා කළා. ශ‍්‍රී ලංකා – බංග්ලාදේශ විස්සයි විස්ස දෙවන තරගය ලබන ඉරිදා පැවැත්වීමට නියමිතයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

දැරියකගේ හිරි ඔතප් බින්දැයි ගුටි පූජාවක්

Shiran Viraj

කොට්ටාවේ වෙළෙඳසැලක ගින්නක්

Shiran Viraj

තෙල් නෑ.. පෝලිමේ ඉන්න එපා.. නැවු එන දිනයක් කියන්න බෑ..- රජය නිල වශයෙන් දැනුම් දේ…

Shiran Viraj
Translate »