27.2 C
Colombo
2025-12-17
mediahumanrights.lk
NewsPolitical

ජනපති රට යන්න කළින් සංශෝධනයේ ඉතිරි කොටස වෙයිලු

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය මාර්තු 11ට පෙර සිදු කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
ඒ, ජනාධිපතිවරයා සංචාරයක් සඳහා ඉන්දියාව බල පිටත්ව යාමට නියමිත බැවින්.
ජනාධිපතිවරයා මෙලෙස ඉන්දියාව බලා පිටත්ව යන්නේ ඉන්දීය ප‍්‍රංශ ඒකාබද්ධ සූර්ය සන්ධානයේ ජාත්‍යන්තර සමුළුවට සහභාගී වීමේ අරමුණින්.
ඉන්දීයාව සහ ප‍්‍රංශයේ තානාපතිවරුන් කළ ආරාධනයකට අනුව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගී වන මෙම සමුළුව ආරම්භ වන්නේ මාර්තු 11වැනිදායි.
ඒ අනුව බොහෝ දුරට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය මාර්තු 10 හෝ ඊට පෙර සිදු කරනු ඇති බවයි පැවසෙන්නේ.
එහිදී ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර හා දුමින්ද දිසානායක ඇතුළු කිහිපදෙනෙකුගේ අමාත්‍යධූර වෙනස් වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පැවසුවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ද්විත්ව පුරවැසියන්ට මේ රටේ තීරණ ගන්න ඉඩ දෙන්න බෑ – 20 ගැන මිනිස්සු අහනකොට උත්තර නැති වෙනවා- මැදගොඩ අභයතිස්ස හිමි

Shiran Viraj

‘එක රටක් එක නීතියක්’ සංකල්පයට මුස්ලිම් හා දෙමළ පක්ෂ විරෝධය..- එක්ව මාධ්‍ය අමතති.. හකීම්ද යයි..

Shiran Viraj

ඡන්ද දායකයින් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සමත් විභාගයට

Shiran Viraj
Translate »