2025-12-09
mediahumanrights.lk
NewsPolitical

ඇමතිවරු කිහිපදෙනෙකුට දී තිබූ විශේෂ ආරක්ෂාව ඉවත් කෙරේ

අමාත්‍ය සාගල රත්නායක හා රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේට ලබා දුන් පොලිස් විශේෂ කාර්යය බලකායේ ආරක්ෂාව ඉවත් කර තිබෙනවා.
ඔවුන්ට මෙම විශේෂ ආරක්ෂාව ලබා දුන්නේ ඉකුත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පදනම් කර ගනිමින්.
එම සමයේ සාගල රත්නායක නීතිය හා සාමය පිළිබඳ අමාතයධූරයේ කටයුතු කළා. එමෙන්ම පියසේන ගමගේ කටයුතු කළේ නීතිය හා සාමය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.
එහෙත් ඊයේ (25) සිදු කළ කැබිනට් සංශෝධනයේදී සාගල රත්නායක නීතිය හා සාමය අමාත්‍යධූරයෙන් ඉවත් කර තිබූ අතර පියසේන ගමගේ රාජ්‍ය අමාත්‍යවරයාගේ විෂය පථයටද නීතිය හා සාමය ඇතුලත්ව තිබුණේ නැහැ.
මේ අතර අමාත්‍යවරුන් වන පී. දිගම්බරන්, මනෝ ගනේෂන් හා රවුෆ් හකීම්ට ලබා දී තිබූ පොලිස් විශේෂ කාර්යය බලකායේ ආරක්ෂාවද ඉවත් කර තිබෙනවා.
ඔවුන්ටද මෙලෙස විශේෂ ආරක්ෂාවක් ලබා දී තිබුණේ ඉකුත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පදනම් කර ගනිමින්.

(under the courtesy of nethnews.lk news web)

Related posts

තවත් 15කට කොරෝනා.. මෙරට 700 පනී..

Shiran Viraj

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීම පිටුපස කිඹුලෙක්.. මහා වංචාවක සුල මුල හෙලිවෙයි..

Shiran Viraj

ඩීසල් නැවේ කපිතාන් ජනාධිපතිගේ ඉල්ලීමත් නොතකයි.. සල්ලි දෙන තුරු තෙල් බාන්න බෑ කියයි..

Shiran Viraj
Translate »