2026-07-03
mediahumanrights.lk
Local NewsNews

අධිවේගයේ වේගයෙන් ගියොත් අද සිට වැඩ වරදී

අධිවේගී මාර්ගවල වේග සීමා උල්ලංඝනය කරන වාහන පරීක්ෂා කිරීම සඳහා නව වේග මාපක පද්ධතය අද සිට ක්‍රියාත්මක බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
එහි අධිවේගී මාර්ග හා නඩත්තු අංශයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේ, අධිවේගී මාර්ගවල සිදුවන අනතුරුවලින් 27%ක් අධික වේගය හේතුවෙන් සිදුවන බවට නිරීක්ෂණය වීම හේතුවෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ය.
අද සිට ක්‍රියාත්මක මෙම පද්ධතිය මගින් අධිවේගී මාර්ගවල ධාවනය වන සියලු වාහනවල වේග සීමා නිරීක්ෂණය කෙරේ.
වේග සීමා උල්ලංඝනය කෙරෙන වාහනවල ඡායාරූප සෑම පිටවීමේ ස්ථානයක් කරා සම්ප්‍රේෂණය කරන අතර එම ස්ථානවල ස්ථාපිත ටැබ් යන්ත්‍ර‍ මගින් ඡායාරූප සහිත විස්තර පත්‍රිකාවක් රියැදුරන් වෙත ලබා දීමට නියමිත බව එස්. ඕපානායක මහතා පැවසුවේ ය.
එම නිරීක්ෂණ පත්‍රිකාවේ වාහන අංකය, නිරීක්ෂණ දිනය, වේලාව සහ එම අවස්ථාවේ වේගය වැනි තොරතුරු ඇතුළත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

Related posts

සජබ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් බරපතල කනස්සල්ලක.. තලතා කට අරී…

Shiran Viraj

ඉන්දීය අධිකරණයෙන් නව තීන්දුවක්

Shiran Viraj

ඉරාන හමුදා නායකයාගේ අවමංගල්‍ය උත්සවයේ තෙරපුමකින් 35 දෙනෙක් ජිවිතක්ෂයට

Shiran Viraj
Translate »