27.8 C
Colombo
2026-08-22
mediahumanrights.lk
NewsPolitical

බැඳුම්කර වාර්තාව ගැන නිදහස් සන්ධානය පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත් කරන ලද කොමිසමේ අවසන් වාර්තාවේ අඩංගු කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදයක් පවත් වන ලෙස ඉල්ලීමක් කර ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.
මේ අතර බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවිය යුතු බව ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (03) විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ලැබීය.
මේ සම්බන්ධයෙන් කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් ජනතා විමුක්ති පෙරමුණ පෙන්වාදෙන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අනුව මහබැංකුවේ පාලනයට අදාළව නීති ගණනාවක් සංශෝධනය කිරීමට සහ රජයට අහිමි කරන ලද මුදල් කඩිනමින් අත්පත් කරගැනීම සඳහා නව නීති සම්පාදනය කිරීමට ජනාධිපති කොමිසම විසින් නිර්දේශ කර ඇති බවයි.
නව වසරේ පාර්ලිමේන්තු පළමු රැස්වීම එළඹෙන 23 වනදා පැවැත්වීමට නියමිත අතර උද්ගතව ඇති තත්වය හමුවේ පාර්ලිමේන්තුව කඩිනමින් රැස්වීම බරපතල අවශ්‍යතාවක් වී ඇති බව එම පක්ෂය පවසයි.
මෙම තත්වය තුළ පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවීම සඳහා පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට කටයුතු කරන ලෙසයි පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා කථානායකවරයාගෙන් ඉල්ලා ඇත්තේ.
(under the courtesy of adaderana.lk news web)

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයට යයි

Shiran Viraj

පාසැල් තවත් සති දෙකක් වසා දැමේ..

Shiran Viraj

ජනතාව පෝලිමේ සිටීම ගැන අපට සමාවෙන්න.. ඉක්මනටම පෝලිම් නැති කරනවා..

Shiran Viraj
Translate »