mediahumanrights.lk
Local NewsNews

දින තුනක් වූ කිරිකැටියෙක් මහමග දමා ගිය දෙමාපියන් – කිලිනොච්චියෙන් ඇසුණු අහස පොලොව නුහුලන කතාව මෙන්න

දරුවෝ කියලා කියන්නේ හැමෝම ආදරය කරන අය. ඒත් දැන් දැන් අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක මේ දරුවන්ට තියෙන බැඳීම සෙනෙහස අඩුවෙලාද කියලා හිතෙනවා.
අපි මේ කියන්න යන්නෙත් ඒවගේ සංවේදී කතාවක් ගැන.
දින තුනක් වයස බිළිඳියක් කිලිනොච්චිය රෝහල ඉදිරිපිට බස් නැවතුම්පොලක දාලා ගිය කතාවක් අද දිනයේ වාර්තා වුණා.
අද උදෑසන ප්‍රදේශවාසීන් පිරිසකට තමයි මේ බිළිඳියව හම්බවෙලා තියෙන්නේ.
පොලිසිය පවසලා තියෙන්නේ එම බිළිඳිය රෙදිකඩ කිහිපයකින් ඔතලා බස් නැවතුම්පලේ දමාගොස් ගියත්, උදෑසන එම බස් නැවතුම්පොළ වෙත පැමිණි පිරිසක් පොලිසිය දැනුවත් කරා කියලායි.
කොහොමවුනත් මෙහෙම සොයාගත්ත දැරිය කිලිනොච්චිය රෝහලේ ළදරු ඒකකය වෙත ඇතුළත් කරලා වගේම ඒ දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවනවා කියලාත් රෝහල් ආරංචි මාර්ග පවසා තිබෙනවා.
පොලිසිය කියලා තියෙන්නේ බිළිඳිය ගෙනවිත් දැමූ කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති බවත් දරුවා බස් නැවතුම්පොළ තුළ දමාගිය පිරිස් සොයා ප‍්‍රදේශයේ සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කිරීම් සිදුකරනවා කියලායි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත රජය නැවත සමාලෝචනය කරයි

Shiran Viraj

තවත් කැබිනට් ඇමතිවරයෙක්..?

Shiran Viraj

මාදැල ආයිත් අදින්න මහින්ද අවසර දෙයි

Shiran Viraj
Translate »